ඇමරිකාවේ ප්රසිද්ධ කෙනඩි මධ්යස්ථානයේ ඉදිරිපස නැවතත් ඩොනල්ඩ් ට්රම්ප්ගේ නම ඇතුළත් කිරීමට එහි පාලක මණ්ඩලය තීරණය කරලා තියෙනවා. මීට කලින් අධිකරණයකින් නියෝග කරලා තිබුණේ කොංග්රසයේ අනුමැතියකින් තොරව මෙවැනි නම වෙනස් කිරීම් කරන්න බැහැ කියලා. ඒත් දැන් පාලක මණ්ඩලය තීරණය කරලා තියෙන්නේ මධ්යස්ථානයේ නිල නාමයට පහළින් ‘ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්රම්ප් විසින් ප්රතිසංස්කරණය කරන ලදී’ යනුවෙන් සඳහන් කරන්න සහ එම ස්ථානය ‘ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්රම්ප් ප්ලාසා’ ලෙස නම් කරන්නයි. මේ තීරණයත් එක්කම මධ්යස්ථානය වසර දෙකකට වසා දමා ප්රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමටත් ඔවුන් අනුමැතිය ලබා දීලා තියෙනවා.
මේ සිදුවීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින අතර, පාලක මණ්ඩලයේ සාමාජිකාවක් වන ජොයිස් බීටි පවසන්නේ මෙය අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමක් බවයි. ඇය ඇතුළු නීතිඥ කණ්ඩායම පෙන්වා දෙන්නේ කෙනඩි මධ්යස්ථානය වැනි ජාතික ස්මාරකයක මෙවැනි නම් වෙනස් කිරීම් නීති විරෝධී බවයි. අධිකරණය මීට පෙර පාලක මණ්ඩලයේ තීරණ විවේචනය කර තිබුණත්, ඔවුන් නැවතත් මෙවැනි පියවරක් ගැනීම විශාල ආන්දෝලනයකට තුඩු දීලා තියෙනවා. ඉදිරි සතියේදී මේ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර, මධ්යස්ථානයේ ඉදිරි කටයුතු සහ ඉදිකිරීම් සැලසුම් ගැන එහිදී තීරණයක් ලැබෙනු ඇති.
මේ වන විට මධ්යස්ථානයේ ප්රධාන උත්සව සියල්ල නවතා දමා තිබුණත්, එහි නවතම කොටසක් වන ‘ද රීච්’ (The Reach) හරහා සීමිත වැඩසටහන් කිහිපයක් පමණක් ක්රියාත්මක වෙනවා. කෙසේ වෙතත්, ට්රම්ප්ගේ නම නැවත ඇතුළත් කිරීමේ මෙම උත්සාහය දේශපාලනික වශයෙන් ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback