ජනප්රිය Katseye සංගීත කණ්ඩායමේ සාමාජිකාවක වන සොෆියා ලෆෝටේසා ඇයගේ මානසික සෞඛ්යය සහ යහපැවැත්ම වෙනුවෙන් තාවකාලික විවේකයක් ගැනීමට තීරණය කර තිබෙනවා. මේ පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කරමින් කණ්ඩායම සඳහන් කරන්නේ, වෛද්ය උපදෙස් මත ඇයට විවේකය අත්යවශ්ය බවයි. ඒ නිසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත ප්රසංග සහ ප්රවර්ධන කටයුතු කිහිපයකට ඇයට සහභාගී වීමට නොහැකි වනු ඇති බවත්, ඇයගේ සෞඛ්ය තත්ත්වය සැප්තැම්බර් මාසයේදී නැවත සමාලෝචනය කරන බවත් ඔවුන් පවසනවා. හෙට පැවැත්වෙන ‘Head in the Clouds’ සංගීත උළෙලටත් ඇය සහභාගී නොවනු ඇති බවයි වාර්තා වෙන්නේ.
තමන්ගේ ඉන්ස්ටග්රෑම් ගිණුම හරහා අදහස් දක්වමින් සොෆියා පවසා තිබුණේ, මේ තීරණය ගැනීම තමන්ට පහසු නොවූවත්, තමන්ගේ මනස සහ ශරීරය ගැන සැලකිලිමත් වීම මේ මොහොතේ අත්යවශ්ය බවයි. තමන් ආදරය කරන සංගීත ක්ෂේත්රයේ දිගු ගමනක් යාමට නම් මේ විවේකය අනිවාර්ය බව ඇය පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, ඇය ඉක්මනින්ම සුවය ලබා නැවතත් ශක්තිමත්ව කණ්ඩායම සමඟ එක්වන බවට රසිකයන්ට පොරොන්දු වී තිබෙනවා. පසුගිය කාලයේදී කණ්ඩායමේ තවත් සාමාජිකාවක වන මැනන් බැනර්මන් ද සෞඛ්ය හේතූන් මත මෙවැනිම විවේකයක් ගත් අතර, Katseye කණ්ඩායම මේ වන විට ලොව පුරා රසික ආකර්ෂණය දිනාගත් ජනප්රිය කණ්ඩායමක් බවට පත්ව තිබෙනවා.

Discussion & Feedback