1993 වසරේ තිරගත වුණු ජුරාසික් පාර්ක් චිත්රපටය ලෝකයම හොල්මන් කරපු අමතක නොවන නිර්මාණයක් බව අපි හැමෝම දන්නවා. ඉතින් මේ ජනප්රිය සිනමා මාලාවට සම්බන්ධ අලුත්ම ක්රීඩාවක් විදිහට ‘Jurassic Park: Survival’ එළිදැක්වීමට සූදානම් වෙනවා. මේක කලින් ආපු පාර්ක් එකක් පාලනය කරන ක්රීඩා වගේ නෙවෙයි. මේක හරියටම මුල්ම චිත්රපටයේ සිදුවීම්වලින් පසු දවසේ ඉඳන් පටන් ගන්නා, බියකරු පැවැත්මේ අරගලයක් (Survival-horror) විදිහට තමයි නිර්මාණය වෙන්නේ. මෙහිදී ක්රීඩකයන්ට සිද්ධ වෙන්නේ ඉස්ලා නුබ්ලර් දූපතේ තනිවෙලා ඉන්න ආචාර්ය මායා ජෝෂිගේ චරිතය රඟපාමින්, ඩයිනෝසරයන්ගෙන් බේරී දිවි ගලවා ගන්නයි.
මේ ක්රීඩාව හරහා අපිට මුල්ම චිත්රපටයේ දකින්න ලැබුණු ජුරාසික් පාර්ක් දොරටු සහ අමුත්තන්ගේ මධ්යස්ථානය වගේ තැන් නැවතත් ගවේෂණය කරන්න පුළුවන් වෙනවා. Saber Interactive ආයතනය විසින් නිර්මාණය කරන මේ ක්රීඩාව, චිත්රපට මාලාවේ තිබුණු ඒ අද්භූත සහ බියකරු වාතාවරණය නැවතත් අපේ හිතට දැනෙන විදිහට ගේන්න සූදානම් වෙනවා. කලින් ආපු චිත්රපටවල අපිට දකින්න ලැබුණේ දූපතේ පොඩි කොටසක් විතරයි, නමුත් මේ ක්රීඩාවෙන් මුළු දූපතම ගවේෂණය කරන්න ලැබීම රසිකයන්ට ලැබෙන ලොකු අවස්ථාවක්. ඉතින්, ඩයිනෝසරයන්ගෙන් බේරී දිවි ගලවා ගන්නා මේ අභියෝගාත්මක ගමනට සූදානම් වෙන්න කියලා තමයි මේ ක්ෂේත්රයේ අය කියන්නේ.

Discussion & Feedback