බ්රහස්පති ග්රහයාගේ අයිස්වලින් වැසුණු යුරෝපා සඳ මත ජීවය පවතීදැයි සොයා බැලීමට නාසා ආයතනය මේ වන විටත් ‘යුරෝපා ක්ලිපර්’ යානය අභ්යවකාශයට යවා තිබෙනවා. විද්යාඥයන් කලින් හිතාගෙන හිටියේ යුරෝපා සඳේ අයිස් තට්ටුවට යටින් තියෙන විශාල සාගරයේ ජලය ඉරිතැලීම් හරහා මතුපිටට පැමිණෙන බවයි. ඒ හරහා සාගරයේ රසායනික සංයුතිය අධ්යයනය කර ජීවයේ සලකුණු සොයාගන්න පුළුවන් වෙයි කියලා ඔවුන් බලාපොරොත්තු වුණා. නමුත් රට්ගර්ස් විශ්වවිද්යාලයේ පර්යේෂකයන් පිරිසක් සිදුකළ නවතම පරිගණක ආකෘති පරීක්ෂණයකින් මේ ගැන අලුත් කතාවක් කියනවා.
මේ පර්යේෂණයට අනුව, අයිස් තට්ටුව යට තියෙන ජලය මතුපිටට එන අතරමගදී ඉතා වේගයෙන් සිසිල් වෙලා අයිස් බවට පත්වෙනවා. ජලය ඉරිතැලීම් හරහා ඉහළට එද්දී ඇතිවන කැළඹිලි සහිත ගමන නිසා එහි තාපය ඉක්මනින්ම පිටවී යනවා. මේ නිසා ජලය මතුපිටට එන්න කලින්ම ඒ ඉරිතැලීම් අයිස්වලින් වැසී යන බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ. මේ සොයාගැනීම නිසා යුරෝපා ක්ලිපර් යානයට ලැබෙන දත්ත විශ්ලේෂණය කිරීමේදී විද්යාඥයන්ට වඩාත් සැලකිලිමත් වෙන්න සිදුවෙනවා. කෙසේ වෙතත්, 2030 වසරේදී යුරෝපා ක්ලිපර් යානය සහ 2031 දී යුරෝපීය අභ්යවකාශ ඒජන්සියේ JUICE යානය බ්රහස්පති වෙත ළඟා වූ පසු මේ අභිරහස ගැන අපට වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback