ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර සිදු වූ 9/11 ත්රස්ත ප්රහාරයට වසර 25ක් පිරීම නිමිත්තෙන් විශේෂ ප්රහසන ප්රසංගයක් පැවැත්වීමට ප්රකට විකට නළුවන් වන ජෝන් ස්ටුවර්ට් සහ පීට් ඩේවිඩ්සන් සූදානම් වෙනවා. ‘NYC Still Rising After 25 Years’ නමින් නම් කර ඇති මෙම ප්රසංගය සැප්තැම්බර් 10 වැනිදා මැඩිසන් ස්ක්වෙයාර් ගාඩන්හිදී පැවැත්වෙන අතර, ඒ සඳහා අසීස් අන්සාරි, බිල් බර් සහ ඩේව් චැපල් වැනි ලොව ප්රසිද්ධ තවත් බොහෝ විකට නළුවන් එක්වීමට නියමිතයි. මෙම ප්රසංගයෙන් ලැබෙන ආදායම 9/11 ප්රහාරයෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් ක්රියාත්මක වන පුණ්යායතන සඳහා පරිත්යාග කිරීමටයි ඔවුන් සැලසුම් කර තිබෙන්නේ.
පීට් ඩේවිඩ්සන්ගේ පියා ද 9/11 ප්රහාරයේදී ජීවිතක්ෂයට පත් වූ ගිනි නිවන භටයෙක්. ඒ වගේම ජෝන් ස්ටුවර්ට් කියන්නේ ප්රහාරයෙන් පසු අසරණ වූ පළමු ප්රතිචාරකයන්ගේ සෞඛ්ය සහ සුබසාධන කටයුතු වෙනුවෙන් දිගු කලක් තිස්සේ හඬක් නැගූ අයෙක්. ඔවුන් දෙදෙනා පවසන්නේ නිව්යෝර්ක් නගරයේ ජනතාවගේ නොසැලෙන ධෛර්යය සැමරීම සඳහා තම මිතුරන් සමඟ එක්ව මෙම වැඩසටහන සංවිධානය කිරීමට ලැබීම සතුටක් බවයි. මෙම ප්රසංගය සඳහා ප්රවේශපත්ර මේ සිකුරාදා උදෑසන 10 සිට මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.

Discussion & Feedback