දකුණු අප්රිකාවේ වර්ණභේදවාදී පාලන සමය පසුබිම් කරගෙන නිර්මාණය වන ‘ද රෝඩ් හෝම්’ (The Road Home) චිත්රපටයට ප්රකට ගායක ජෝන් ලෙජන්ඩ් එක්වීමට නියමිතයි. ඔහු මෙහිදී ඇමරිකානු ගායකයෙක් සහ මානව හිමිකම් ක්රියාකාරිකයෙක් වූ හැරී බෙලාෆොන්ටේගේ චරිතයට පණ පොවනවා. මෙම චිත්රපටය ප්රවීණ ජෑස් සංගීතඥ හියු මාසෙකෙලාගේ ජීවිතය සහ ඔහු වර්ණභේදවාදයට එරෙහිව කළ අරගලය කේන්ද්ර කරගෙනයි නිර්මාණය වෙන්නේ. හියු මාසෙකෙලාගේ චරිතය සඳහා දකුණු අප්රිකානු නළු තාබෝ රාමෙට්සි රංගනයෙන් දායක වන අතර, ගයි පියර්ස්, සින්තියා එරිවෝ සහ ජොනී ෆ්ලින් වැනි ප්රබල නළු නිළියන් රැසක්ම මෙහි දකින්න ලැබෙනවා.
මෙම චිත්රපටය මගින් මාසෙකෙලා සහ ඔහුගේ මිතුරියක වූ මිරියම් මැකෙබා එක්ව සංගීතය අවියක් කරගෙන ලෝකය හමුවේ දකුණු අප්රිකාවේ හඬ අවදි කළ ආකාරය අපූරුවට නිරූපණය කරනවා. බිල් කොන්ඩන්ගේ අධ්යක්ෂණයෙන් හැඩවෙන මෙම නිර්මාණය, මානව ආත්මයේ නොසැලෙන බව සහ කැපවීම ගැන කියාපාන අපූරු කතාවක්. ජෝන් ලෙජන්ඩ් පවසන්නේ තමන් බෙලාෆොන්ටේ වැනි දැවැන්ත චරිතයක් නිරූපණය කිරීමට ලැබීම විශාල ගෞරවයක් ලෙස සලකන බවයි. දැනටමත් දකුණු අප්රිකාවේදී චිත්රපටයේ රූගත කිරීම් ආරම්භ වී ඇති අතර, හියු මාසෙකෙලාගේ සහ මිරියම් මැකෙබාගේ සංගීතයත් මෙයට එක්වීම නිසා මෙය රසිකයන් අතර විශාල කතාබහකට ලක්වෙමින් පවතිනවා.

Discussion & Feedback