ජනප්රිය ‘යුෆෝරියා’ (Euphoria) කතාමාලාවේ නේට් ජේකබ්ස්ගේ චරිතයට පණ පෙවූ ජේකොබ් එලෝර්ඩි, මෑතකදී ජිමී කිමෙල්ගේ වැඩසටහනට එක්වෙමින් තමන් මුහුණ දුන් අභියෝගාත්මක අත්දැකීම් ගැන කතා කළා. කතාමාලාවේ අවසාන කොටසේදී නේට්ගේ චරිතය ඉතාමත් අමානුෂික ලෙස මියයන දර්ශනයක් තිබුණා. මේ ගැන විහිළුවෙන් වගේ අදහස් දක්වපු ජේකොබ් කිව්වේ, අවුරුදු අටක් තිස්සේ තමන්ගේ චරිතයට බැණ වැදුණු ප්රේක්ෂකයෝ දැන් ඒ මරණය ගැන දුක් වීම හරිම විහිළුවක් කියලා. ඇත්තටම මේ දර්ශනය රූගත කිරීම එලෝර්ඩිට නම් ලේසි පහසු වැඩක් වෙලා තිබුණේ නැහැ.
මේ දර්ශනය රූගත කිරීමේදී තමන්ට විඳින්න වුණු දුක් ගැහැට ගැන ඔහු විස්තර කළේ මෙහෙමයි. දවස් දෙකක් තිස්සේ මිනී පෙට්ටියක් ඇතුළේ හිරවෙලා ඉන්න ඔහුට සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි, ඒ පෙට්ටිය ඇතුළට සර්පයෙක් දාලා තමයි දර්ශනය රූගත කරලා තියෙන්නේ. සර්පයා හරිම කීකරු නිසා ඔහුට ඒ දර්ශනය කරගන්න ලේසි වුණත්, අධ්යක්ෂක සැම් ලෙවින්සන් තමන්ව වධ හිංසාවට ලක් කරන්නම මේ දේවල් සැලසුම් කළා කියලා ජේකොබ් හිනාවෙවී කිව්වා. සති හයක් තිස්සේ තමන්ට පහර දෙන දර්ශනවල රඟපාන්න සිද්ධ වුණු නිසා මේක ඇත්තටම අමතක නොවන අත්දැකීමක් වුණා කියලා ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Discussion & Feedback