ජනප්රිය නළු මයිකල් කෙලී රංගනයෙන් දායක වන ‘ටයිම් ඔෆ් ඩෙත්’ (Time of Death) චිත්රපටය මේ දිනවල සිනමා ලෝලීන් අතර ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. මේ අභිරහස් ත්රාසජනක චිත්රපටයේ කෙලී රඟපාන්නේ ෆ්රෑන්ක් මෝර්ලි කියන රහස් පරීක්ෂකවරයා විදිහටයි. ඔහුට පැවරෙන්නේ අබිරහස් ලෙස අතුරුදහන් වන සිරකරුවෙක් ගැන හොයන්න. මේ සිරගෙදර තියෙන අමුතු රහස් නිසා ෆ්රෑන්ක්ගේ සිතුවිලි පවා අවුල් වෙලා යන ආකාරය තමයි මේ කතාවෙන් දිගහැරෙන්නේ. විල් වර්නික් අධ්යක්ෂණය කරන මේ චිත්රපටය පසුගිය ජූනි 12 වැනිදා සිට ප්රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව ලැබුණා.
මේ චිත්රපටය රූගත කිරීම තමන්ගේ රංගන දිවියේ අභියෝගාත්මකම අත්දැකීමක් බව මයිකල් කෙලී පවසනවා. ඔහුට පිටපත ලැබුණට පස්සේ රූගත කිරීම් පටන් ගන්න තිබුණේ සතියක වගේ කෙටි කාලයක් විතරයි. සාමාන්යයෙන් චරිතයකට හොඳින් හුරු වෙන්න කාලයක් ගන්නා කෙලීට මේ තත්ත්වය නිසා ලොකු වෙහෙසක් දරන්න සිද්ධ වුණා. ඔහු රූගත කිරීම් කාලය පුරාම නවාතැන් ගත්තේ පැරණි හෝටලයක. දවස පුරාම බන්ධනාගාරය තුළ රූගත කිරීම් කරලා, ආපහු හෝටලයට ඇවිත් ඊළඟ දවසේ දර්ශන සඳහා පාඩම් කරන එක ඔහුට මානසිකව පවා බලපෑවා. ඒ වගේ තනිකමක් සහ පීඩනයක් දැනීම තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් කරන්න උදව් වුණා කියලා ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

Discussion & Feedback