වීඩියෝ ක්රීඩා ලෝකයේ දැවැන්තයෙක් වන නින්ටෙන්ඩෝ සමාගමේ ඉතිහාසය වෙනස් කළ ප්රධාන චරිතයක් වන ෂිගෙරු මියාමොටෝ, මේ වන විට සිය වෘත්තීය ජීවිතයේ විශ්රාමික අඩියට පැමිණෙමින් සිටින බව වාර්තා වෙනවා. සුපර් මාරියෝ, ද ලෙජන්ඩ් ඔෆ් සෙල්ඩා වැනි ලොවම ආදරය කරන ක්රීඩා නිර්මාණය කිරීමට මූලික වූ මියාමොටෝ, මේ වන විට 75 වැනි වියට ආසන්නයි. ඔහු පවසන ආකාරයට, වර්තමානයේ ක්රීඩාවක් නිර්මාණය කිරීම සඳහා පුද්ගලයන් 200කට අධික පිරිසක් සම්බන්ධ කර ගැනීමට සිදුවීම ඉතා අභියෝගාත්මක කාර්යයක් බවයි. තමන් තවදුරටත් පෙර මෙන් වේගයෙන් වැඩ නොකරන බවත්, පවුලේ අය පවා තමන්ට විශ්රාම ගන්නා ලෙස පවසන බවත් ඔහු සිනහවකින් යුතුව සඳහන් කරනවා.
කෙසේ වෙතත්, මියාමොටෝ නින්ටෙන්ඩෝ සමාගමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට තීරණය කර නැහැ. ඔහු තවමත් සමාගමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන අතර, තමන් සතු දැනුම සහ අත්දැකීම් ඊළඟ පරම්පරාවේ නිර්මාණකරුවන් වෙත ලබා දීමට බලාපොරොත්තු වෙනවා. නින්ටෙන්ඩෝ සමාගම ඉදිරි වසර 100 පුරාවටම සාර්ථකව පවත්වාගෙන යාම සඳහා නව පරපුරක් බිහි කිරීමේ වගකීම ඔහු කරට ගෙන තිබෙනවා. මියාමොටෝගේ මෙම තීරණය නින්ටෙන්ඩෝ ඉතිහාසයේ නව පරිච්ඡේදයක ආරම්භයක් ලෙස බොහෝ දෙනා දකිනවා. කෙසේ වෙතත්, ඔහුගේ දායකත්වය නොමැතිව නින්ටෙන්ඩෝ අනාගතයේදී කෙසේ හැඩගැසෙයිද යන්න පිළිබඳව ක්රීඩා ලෝලීන් තුළ ඇත්තේ දැඩි කුතුහලයක්.

Discussion & Feedback