නාසා ආයතනය විසින් හඳුන්වා දෙන අලුත්ම අභ්යවකාශ දුරේක්ෂය වන ‘නැන්සි ග්රේස් රෝමන්’ අභ්යවකාශ දුරේක්ෂය ලබන අගෝස්තු 30 වෙනිදා අභ්යවකාශ ගත කරන්න සියල්ල සූදානම් කරලා තියෙනවා. හබල් සහ ජේම්ස් වෙබ් දුරේක්ෂ වගේම මේකත් අභ්යවකාශ විද්යාවේ තවත් විශාල පෙරළියක් කරාවි කියලා තමයි විද්යාඥයන් කියන්නේ. සැලසුම් කරපු කාලයට වඩා මාස නවයකට කලින් මේ මෙහෙයුම දියත් කරන්න ලැබීම ඇත්තටම ලොකු ජයග්රහණයක්. මේ දුරේක්ෂය පෘථිවියේ ඉඳන් සැතපුම් මිලියනයක් ඈතින් තියෙන ‘ලැග්රේන්ජ් පොයින්ට් 2’ කියන ස්ථානයට යවන්න තමයි නාසා ආයතනය සැලසුම් කරලා තියෙන්නේ.
මේ දුරේක්ෂය හබල් දුරේක්ෂයට වඩා කොච්චර බලවත්ද කියනවා නම්, හබල් දුරේක්ෂය අවුරුදු 35ක් තිස්සේ එකතු කරපු දත්ත ප්රමාණය වගේ දහස් ගුණයක් දත්ත ප්රමාණයක් එක වසරක් ඇතුළත ලබාගන්න රෝමන් දුරේක්ෂයට පුළුවන් වෙනවා. මේක ඇත්තටම අභ්යවකාශයේ තියෙන අභිරහස් හොයාගන්න ලොකු උදව්වක් වෙයි. දැනටමත් මේ දුරේක්ෂයට අවශ්ය ඉන්ධන පිරවීම් අවසන් කරලා තියෙන අතර, තව සති තුනකින් ස්පේස්-එක්ස් ෆැල්කන් හෙවි රොකට්ටුවට මේක සවි කරන්න නියමිතයි. අභ්යවකාශයේ තවමත් අපිට හිතාගන්න බැරි දේවල් ගොඩක් මේ දුරේක්ෂය හරහා අපිට දකින්න පුළුවන් වේවි කියලා තමයි නාසා විද්යාඥයන් විශ්වාස කරන්නේ.

Discussion & Feedback