බ්රිතාන්යයේ ප්රකට ITN මාධ්ය ආයතනය සම්බන්ධයෙන් මේ දිනවල ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඒ, වසර 12ක් පුරා එම ආයතනයේ සේවය කරපු දක්ෂ මාධ්යවේදියෙක් තමන්ට සිදුවුණු මානසික සෞඛ්ය වෙනස්කම් කිරීම් හෙවත් ‘ඩිස්ක්රිමිනේෂන්’ සිද්ධියක් නිසා ආයතනයෙන් ඉවත් වීමත් සමඟයි. ඔහුට සිදුවුණු අසාධාරණය සම්බන්ධයෙන් සිදුකළ බාහිර විමර්ශනයකින් පසුව, ඔහුට විශාල මුදල් වන්දියක් ලබා දීලා ආයතනයෙන් සමුගන්නට කටයුතු කරලා තියෙනවා. විශේෂත්වය තමයි, ඔහු කිසිදු රහස්ය ගිවිසුමකට (NDA) අත්සන් තබා නොතිබීම.
මේ මාධ්යවේදියා මීට පෙර 2017 මෑන්චෙස්ටර් ප්රහාරය වාර්තා කිරීමේදී ඇතිවුණු මානසික කම්පනය (PTSD) නිසා පීඩා විඳපු කෙනෙක්. පසුව 2023 වසරේදී ඔහු දැඩි මානසික අවපීඩනයකට ලක්වෙලා රෝහල්ගත වුණා. මේ කාලයේදී ආයතනය ඔහුගේ පෞද්ගලික තොරතුරු අවසරයකින් තොරව හෙළි කිරීම සහ සේවා ස්ථානයේදී ඔහු හුදෙකලා කිරීම වැනි බරපතළ චෝදනා එල්ල වෙලා තියෙනවා. බාහිර ආයතනයක් මගින් සිදුකළ පරීක්ෂණයකින් ITN ආයතනය තුළ සේවකයන්ගේ මානසික සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලු පවතින බවත්, සේවකයන් තමන්ගේ අදහස් ප්රකාශ කිරීමට බියක් දක්වන බවත් තහවුරු වෙලා තියෙනවා.
ITN ආයතනය පවසන්නේ තමන් සේවක සුබසාධනයට මුල්තැන දෙන බවත්, සිදුවුණු දේ සම්බන්ධයෙන් වගකීමක් භාර නොගත්තත් ඔවුන් මේ සිදුවීම්වලින් පාඩම් ඉගෙන ගෙන ඇති බවත්ය. කෙසේ වෙතත්, වසර ගණනාවක් දක්ෂතා දැක්වූ මාධ්යවේදියෙක් මෙවැනි තත්ත්වයකට පත්වීම මාධ්ය ක්ෂේත්රයේ විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback