අභ්යවකාශ විද්යාඥයන් විසින් හබල් දුරේක්ෂය භාවිත කරමින් ක්ෂීරපථ මන්දාකිණියේ සිදුවූ අතිශය දුර්ලභ තාරකා පිපිරීමක් පිළිබඳව අලුත්ම තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. V445 Puppis ලෙස හඳුන්වන මෙම තාරකා පද්ධතිය 2000 වසරේදී පිපිරීමකට ලක්වුණා. මේක හඳුන්වන්නේ ‘හීලියම් නෝවා’ (Helium nova) එකක් විදිහටයි. වසර ගණනාවක් පුරා මෙම පද්ධතිය වටා තිබූ ඝන දූවිලි වලාකුළු නිසා එහි ඇත්ත ස්වභාවය හඳුනාගන්න අපහසු වුණත්, දැන් එම දූවිලි ඉවත් වීමත් සමඟ විද්යාඥයන්ට එහි සැඟවී තිබූ පුදුම සහගත දේවල් දැකගන්න ලැබිලා තියෙනවා.
මෙම පද්ධතියේ මියගිය තාරකාවක් (White dwarf) තවත් හීලියම් තාරකාවක ශක්තිය උරා ගනිමින් පවතින බවයි පර්යේෂකයන් පවසන්නේ. විශේෂම දේ තමයි, මෙම පිපිරීමේදී පැයට සැතපුම් මිලියන 20ක අතිවිශාල වේගයකින් ගමන් කරන ‘අභ්යවකාශ උණ්ඩ’ වැනි වායුමය කොටස් පිටතට විසිවෙන බව සොයාගැනීම. මෙවැනි අත්දැකීමක් වෙනත් කිසිදු නෝවා පිපිරීමකදී මීට පෙර දැකලා නැහැ. මේ සොයාගැනීම මගින් විශ්වයේ සිදුවන සුපර්නෝවා පිපිරීම් පිළිබඳව අපිට අලුත් අවබෝධයක් ලබාගන්න පුළුවන්.
දැනට පෙනී යන විදිහට මෙම සුදු වාමන තාරකාව නැවතත් සිය සහකාර තාරකාවෙන් ශක්තිය උරා ගැනීම ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා නුදුරු අනාගතයේදීම තවත් මෙවැනිම දුර්ලභ පිපිරීමක් සිදුවීමට ඉඩ ඇති බවයි විද්යාඥයන් අනතුරු අඟවන්නේ. මේ සිදුවීම විශ්වයේ රහස් සොයන අභ්යවකාශ විද්යාඥයන්ට ඉතා වැදගත් අවස්ථාවක් වෙලා තියෙනවා.

Discussion & Feedback