ජනප්රිය ‘හවුස් ඔෆ් ද ඩ්රැගන්’ කතා මාලාවේ තුන්වන සමය මේ වන විට රසිකයන් අතර ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. විශේෂයෙන්ම ජෝර්ජ් ආර්.ආර්. මාටින්ගේ මුල් කෘතියේ සඳහන් වුණත්, මීට කලින් කතා මාලාවෙන් ඉවත් කර තිබූ වැදගත් චරිතයක් වන ‘මේලෝර්’ කුමරුව නැවතත් කතාවට එකතු කරගන්නා බවක් තමයි පේන්න තියෙන්නේ. හෙලේනා ටාගේරියන් කුමරිය ගැබ්ගෙන සිටින බව හෙළිවීමත් සමඟ, මේ දරුවා කතාවේ ඉදිරි ගමනට කොයි වගේ බලපෑමක් කරයිද කියලා රසිකයන් නොඉවසිල්ලෙන් බලා ඉන්නවා.
මුල් පොතේ හැටියට නම් මේලෝර් කුමරුගේ චරිතය හෙලේනාගේ ජීවිතයේ සිදුවන ඛේදවාචකයන්ට සහ ඇගේ අවසානයට සෘජුවම සම්බන්ධ වෙනවා. නමුත් කතා මාලාවේ නිර්මාණකරුවන් මුලින්ම මේ චරිතය කතාවෙන් ඉවත් කිරීම නිසා මාටින් පවා ඒ ගැන සිය අප්රසාදය පළ කර තිබුණා. දැන් නැවතත් මේ චරිතය හඳුන්වා දීමෙන් කතාවේ ගලායාම වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම හෙලේනාගේ චරිතය වටා ගෙතුණු ඒ සංවේදී සහ ඛේදනීය සිදුවීම් මාලාව ඉදිරියේදී කොහොම සිද්ධ වෙයිද කියන එක ලොකු ප්රශ්නයක් වෙලා තියෙනවා.
මේ වෙනස්කම් නිසා කතාවේ මුල් පිටපතට වඩා වෙනස් මාවතක කතාව ගලා යන බව පැහැදිලියි. කෙසේ වෙතත්, මේලෝර් කුමරුගේ පැමිණීමත් සමඟ ‘බ්ලඩ් ඇන්ඩ් චීස්’ සිදුවීම වගේම රේනිරාගේ පාලනයට එල්ල වන අභියෝගත් තවත් උග්ර වෙන්න පුළුවන්. ඉදිරි කොටස්වලදී මේ කුඩා කුමරුගේ ඉරණම සහ හෙලේනාගේ තීරණ කතාවේ ගමන් මග කොයි විදියට වෙනස් කරයිද කියලා අපි බලමු.

Discussion & Feedback