ලොස් ඇන්ජලීස් නගරයේ සංකේතයක් විදිහට සැලකෙන සුප්රසිද්ධ ‘හොලිවුඩ්’ නාම පුවරුව පසුගියදා අලුත්ම විදියකට දැකගන්න ලැබුණා. යුනිවර්සල් ස්ටූඩියෝස් හොලිවුඩ් ආයතනය විසින් ඔවුන්ගේ අලුත්ම ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්: හොලිවුඩ් ඩ්රිෆ්ට්’ රෝලර් කෝස්ටර් එක ප්රවර්ධනය කිරීම සඳහා ප්රොජෙක්ෂන් මැප් තාක්ෂණය භාවිත කරමින් මෙම නාම පුවරුව මත ආලෝක දර්ශන මැව්වා. මේ සුවිශේෂී දර්ශනය හරහා ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්රපට මාලාවේ දර්ශන සහ අලුතින් විවෘත වුණු රෝලර් කෝස්ටර් එකේ දර්ශන ඉතාමත් ආකර්ෂණීය විදියට ප්රදර්ශනය කෙරුණා.
ඇත්තටම 1923 අවුරුද්දේ ඉඩම් විකුණන දැන්වීමක් විදියට ආරම්භ වුණු මේ හොලිවුඩ් නාම පුවරුව අද වෙනකොට ලෝකයේම අවධානය දිනාගත්ත තැනක් බවට පත්වෙලා තියෙනවා. සිනමා නිර්මාණ, සංගීත වීඩියෝ සහ තවත් බොහෝ දේ සඳහා පසුබිම් වුණු මේ නාම පුවරුව, මෙවර මෙවැනි නවීන තාක්ෂණික අත්දැකීමකින් සැරසීම බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වුණා. හොලිවුඩ් වාණිජ මණ්ඩලයත් එක්ක එකතු වෙලා යුනිවර්සල් ස්ටූඩියෝස් කරපු මේ වැඩේ ඇත්තටම හරිම අපූරුයි. අලුතින් විවෘත වුණු මේ රෝලර් කෝස්ටර් එකත් එක්ක හොලිවුඩ් නාම පුවරුවට ලැබුණු මේ අලුත්ම පෙනුම සංචාරකයන්ට වගේම සිනමා ලෝලීන්ටත් අමතක නොවන අත්දැකීමක් වේවි.

Discussion & Feedback