හොලිවුඩයේ අතිශය ජනප්රිය අපරාධ චිත්රපටයක් වුණු ‘හීට්’ (Heat) චිත්රපටයේ දෙවැනි කොටස ගැන තවමත් රූගත කිරීම් පවා ආරම්භ කරලා නැති වුණත්, මේ වෙද්දී ඒ ගැන අලුත්ම ආරංචියක් ඇවිත් තියෙනවා. ඒ තමයි ‘හීට් 3’ චිත්රපටයක් නිර්මාණය කිරීම ගැනත් චිත්රාගාරය මේ වන විටත් සාකච්ඡා කරමින් ඉන්නවා කියන එක. ඇමසන් එම්.ජී.එම් (Amazon MGM) ස්ටූඩියෝව මගින් මේ චිත්රපට මාලාව තවදුරටත් පුළුල් කරන්න සැලසුම් කරමින් ඉන්න බවයි වාර්තා වෙන්නේ. මේක කෙලින්ම දෙවැනි කොටසේ අනුප්රාප්තිකයක්ද නැත්නම් වෙනත් කතාවක්ද කියන එක ගැන තාම පැහැදිලි නැහැ.
‘හීට් 2’ චිත්රපටය මේ වසරේ නොවැම්බර් මාසයේදී රූගත කිරීම් ආරම්භ කරන්න නියමිතයි. මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 165ක දැවැන්ත අයවැයක් වෙන් කරලා තියෙනවා. මේ චිත්රපටයේ ක්රිස්ටියන් බේල් සහ ලියනාඩෝ ඩිකැප්රියෝ වැනි ප්රබල නළුවන් රංගනයෙන් දායක වෙනවා. 1995 වසරේ තිරගත වුණු මුල්ම ‘හීට්’ චිත්රපටයේ තිබුණු සිදුවීම්වලට පෙර සහ පසු කාලවකවානු ආවරණය වන පරිදි තමයි මේ නව නිර්මාණය සකස් වෙන්නේ. මයිකල් මෑන්ගේ අධ්යක්ෂණයෙන් එන මේ චිත්රපටය ගැන රසිකයන් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා.
මීට පෙර වෝනර් බ්රදර්ස් ආයතනය මේ ව්යාපෘතිය භාරගන්න අකමැති වුණත්, ඇමසන් සමාගම මේක බාරගත්තේ දිගු කාලීනව චිත්රපට මාලාවෙන් ලාභ ලබන්න පුළුවන් කියන විශ්වාසය නිසයි. කොහොම වුණත්, ‘හීට් 3’ චිත්රපටය පොතක් විදිහට මුලින් එයිද නැත්නම් කෙලින්ම චිත්රපටයක් විදිහට එයිද කියන එක ගැන තවමත් නිශ්චිත තොරතුරක් නැහැ. රසිකයන්ට නම් මේ ආරංචිය ඇත්තටම ලොකු සතුටක් ගෙන දෙන එකක් වේවි.

Discussion & Feedback