ජනප්රිය නෙට්ෆ්ලික්ස් කතාමාලාවක් වන ‘ද ලෝඩ්ස් ඩේ’ (The Lords’ Day) සඳහා මේ වන විට අති දක්ෂ නළු නිළියන් පිරිසක් එකතු වෙලා තියෙනවා. ප්රධාන චරිතය විදියට ඩැම්සන් ඉඩ්රිස් රංගනයෙන් දායක වන මේ කතාමාලාවට හැරී ලෝටි, ආර්සෙමා තෝමස්, සෝෆි විලන්, ජෙමා වෙලන් සහ ප්රවීණ නළු තිමෝති ස්පෝල් වැනි ජනප්රිය තරු රැසක් සම්බන්ධ වෙලා ඉන්නවා. මයිකල් ඩොබ්ස්ගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වන මේ කතාමාලාව නිෂ්පාදනය කරන්නේ ‘බැඩ් වුල්ෆ්’ ආයතනය විසින්. බ්රිතාන්යයේදී රූගත කිරීම් සිදු කෙරෙන කොටස් හයකින් සමන්විත මේ කතාමාලාව ගැන රසිකයන් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ.
මේ කතාවේ ප්රධාන චරිතය වන හැරී ජෝන්ස් කියන්නේ බ්රිතාන්ය රහස් ඔත්තු සේවයේ නියුතු නිලධාරියෙක්. පාර්ලිමේන්තුව විවෘත කරන දවසක සිදුවන හදිසි වටලෑමක් සහ දේශපාලන අර්බුදයක් වටා තමයි මුළු කතාවම ගෙතෙන්නේ. තමන්ගේ ජීවිතය බේරගන්න කරන අරගලය අතරතුරේදී, රටේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු කොහොමද ක්රියා කරන්නේ කියන එක මේ කතාමාලාවෙන් බලාගන්න පුළුවන්. දේශපාලන කුමන්ත්රණ සහ ත්රාසජනක සිදුවීම් පිරුණු මේ කතාමාලාව නෙට්ෆ්ලික්ස් හරහා නුදුරේදීම රසිකයන්ට දැකගන්න ලැබෙනු ඇති.
මේ කතාමාලාවේ තිර රචනය සිදු කරන්නේ සැම් වින්සන්ට් සහ ජොනතන් බ්රැක්ලි විසින්. ඩැම්සන් ඉඩ්රිස් ප්රධාන චරිතයට අමතරව විධායක නිෂ්පාදකවරයෙක් විදියටත් මේ සඳහා දායක වෙනවා. නෙට්ෆ්ලික්ස් ආයතනය මගින් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත තවත් විශිෂ්ට නිර්මාණයක් විදියට ‘ද ලෝඩ්ස් ඩේ’ හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ කතාමාලාව ගැන තවත් අලුත් තොරතුරු දැනගන්න අපේ පුවත් සේවාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.

Discussion & Feedback