ලෝක ප්රසිද්ධ රාක්ෂයෙක් වන ගොඩ්සිලාගේ අලුත්ම ස්වරූපය මේ දිනවල රසිකයන් අතර ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. IDW ආයතනය විසින් නිකුත් කරපු ‘The Horror of Godzilla’ කොමික් පොතේ දැක්වෙන මේ අලුත් ගොඩ්සිලා, කලින් අපි දැකපු චරිතවලට වඩා ගොඩක් වෙනස් සහ බිහිසුණු එකක්. මේ ගොඩ්සිලා ඇවිදින කන්දක් වගේ අතිවිශාලයි. එයාගේ ඇඟ පුරාම දිලිසෙන කොළ පාට විකිරණශීලී ශක්තියක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, එයා ඉන්න තැන අහසින් කොළ පාට අකුණු ගහනවා වගේම, එයාගේ පැමිණීමත් එක්ක වැටෙන අම්ල වැස්ස නිසා මිනිස්සුන්ව විකෘති වෙලා සොම්බිලා වගේ වෙන දර්ශනත් මේ කතාවේ අන්තර්ගත වෙනවා.
මේ අලුත් නිර්මාණය ඇත්තටම ගොඩ්සිලාව සාමාන්ය රාක්ෂයෙක්ගෙන් එහාට ගිහින් මුළු ලෝකයම විනාශ කරන්න පුළුවන් ‘Extinction-level’ මට්ටමේ තර්ජනයක් බවට පත් කරලා තියෙනවා. එයාගේ දත් සහ හකු ප්රදේශය 1998 චිත්රපටයේ හිටපු ගොඩ්සිලාට සමාන වුණත්, මේ නිර්මාණය ඊට වඩා ගොඩක් භයානකයි. ගොඩ්සිලා මෙතනදී සටන් කරන්නේ ජීවත් වෙන්න නෙවෙයි, විනාශයම අරමුණු කරගෙනයි. මේ කොමික් පොතේ ගොඩ්සිලාව පෙන්නලා තියෙන්නේ පොළොවේ ඉඳන් උඩට පේන විදිහට නිසා, එයාගේ විශාලත්වය තවත් හොඳින් දැනෙනවා. ඇත්තටම මේක ගොඩ්සිලා රසිකයන්ට අලුත්ම අත්දැකීමක් වෙයි කියලා තමයි විචාරකයෝ කියන්නේ.

Discussion & Feedback