ලොව පුරාම ජනප්රිය වුණු ‘ගේම් ඔෆ් ත්රෝන්ස්’ කතා මාලාව ගැන රසිකයන්ට තියෙන්නේ ලොකු උනන්දුවක්. ඒ උනන්දුව තවත් වැඩි කරමින්, මේ කතා මාලාවේ පළමු සිනමා නිර්මාණය විදිහට ‘ගේම් ඔෆ් ත්රෝන්ස්: ඒගන්ස් කොන්ක්වෙස්ට්’ (Game of Thrones: Aegon’s Conquest) චිත්රපටය 2029 ජුනි 01 වෙනිදා තිරගත වෙන්න නියමිතයි කියලා වෝනර් බ්රදර්ස් සමාගම නිල වශයෙන් දැනුම් දීලා තියෙනවා. මේ චිත්රපටය හරහා ගේම් ඔෆ් ත්රෝන්ස් විශ්වයේ සැබෑ ප්රධාන චරිතය වන ‘ඒගන් ද කොන්කරර්’ (Aegon the Conqueror) ප්රථම වතාවට සිනමාවෙන් අපිට බලාගන්න පුළුවන් වෙනවා.
ඇත්තටම කිව්වොත්, මේ මුළු කතා මාලාවම ගොඩනැගෙන්නේ ඒගන්ගේ ක්රියාකලාපයන් මතයි. වෙස්ටෙරෝස් රාජධානියේ හතෙන් හයක්ම තමන්ගේ පාලනයට නතු කරගෙන, යකඩ සිහසුන නිර්මාණය කරපු ඒගන් තමයි ටාගරියන් රාජවංශයේ ආරම්භකයා වෙන්නේ. ඔහු නැත්නම් අද අපි දකින මේ කිසිම කතාවක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසාම මේ චිත්රපටය රසිකයන්ට හරිම විශේෂ එකක් වේවි.
මේ චිත්රපටයේ ඒගන්ගේ චරිතයට කවුරු රඟපායිද කියන එක ගැන දැනටමත් ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. හෙන්රි කැවිල්ගේ නම මේ චරිතය සඳහා රසිකයන් අතරින් වැඩිපුරම යෝජනා වෙලා තිබුණත්, ඒගන්ගේ වයස සහ චරිතයේ ස්වභාවය අනුව වෙනත් නළුවෙක් තෝරාගැනීමට ඉඩ තියෙනවා. කොහොම වුණත්, මේ සිනමා අත්දැකීම ගේම් ඔෆ් ත්රෝන්ස් රසිකයන්ට අමතක නොවන එකක් වේවි කියලා නම් විශ්වාසයි.

Discussion & Feedback