අභ්යවකාශයේ තියෙන මන්දාකිණි දෙකක් එකිනෙක හා ගැටෙමින් එකම මන්දාකිණියක් බවට පත්වෙන අපූරු දසුනක් ගැන අලුත්ම තොරතුරු වාර්තා වෙනවා. හවායි දූපත්වල පිහිටි ජෙමිනායි නෝර්ත් දුරේක්ෂය භාවිත කරමින් පාසල් සිසුන් පිරිසක් විසින් තමයි මේ සොයාගැනීම කරලා තියෙන්නේ. ඔවුන් මේ මන්දාකිණි යුගලයට ‘ජීවය නිර්මාණය කරන නිවුන් ආත්මයන්’ යන අරුත ඇතිව ‘Nā ‘Uhane Māhoe Huki Pū i ke Ola’ ලෙස නම තබා තිබෙනවා. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 200ක් පමණ ඈතින් පෙගසස් තාරකා මණ්ඩලයේ පිහිටා ඇති මෙම මන්දාකිණි යුගලය NGC 7253 ලෙස හඳුන්වනවා.
මේ සිසුන් පවසන විදිහට මන්දාකිණි දෙකක් එකිනෙක ගැටෙන විට සිදුවන දේ ඇත්තටම හරිම ආකර්ෂණීයයි. මේ ගැටුම නිසා මන්දාකිණි දෙකේම තියෙන වායු සහ දූවිලි එකතු වෙලා අලුතින් තරු බිහිවීමේ වේගය වැඩි වෙනවා. බොහෝ දෙනෙක් හිතන විදිහට මේ ගැටුමේදී තරු එකිනෙක හැපෙන්නේ නැහැ, මොකද මන්දාකිණි ඇතුළේ තියෙන ඉඩකඩ හරිම විශාලයි. අනාගතයේදී අපේ ක්ෂීරපථය සහ ඇන්ඩ්රොමීඩා මන්දාකිණියත් මෙවැනිම ගැටුමකට ලක්වෙන බව විද්යාඥයන් පවසනවා. තාරකා විද්යාව කියන්නේ හුදෙක් විද්යාව පමණක්ම නෙවෙයි, එය මිනිස් ආත්මයත් සමඟ බැඳුණු අපූරු අත්දැකීමක් බව මේ සිසුන් පෙන්වා දෙනවා. ඇත්තටම මෙවැනි දසුනක් දකින්න ලැබීම අපේ කාලයේ ලැබුණු ලොකු වාසනාවක්.

Discussion & Feedback