ලොවම බියෙන් ඇළලූ ජැක් ද රිපර් නම් අභිරහස් ඝාතකයා සැරිසැරූ 1888 ලන්ඩන් නුවර පසුබිම් කරගෙන නිර්මාණය වුණු ‘බ්ලැක් පැලස්’ (Black Palace) චිත්රපටයේ පළමු දසුන් මේ වන විට අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. නිකි හැම් විසින් අධ්යක්ෂණය කරන මේ ත්රාසජනක චිත්රපටයේ ප්රධාන චරිත සඳහා ‘ද විචර්’ (The Witcher) කතාමාලාවේ ෆ්රෙයා ඇලන් සහ ‘ද පවර් ඔෆ් ද ඩෝග්’ චිත්රපටයේ කෝඩි ස්මිත්-මැක්ෆී ඇතුළු තවත් ජනප්රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. මේ වන විට චිත්රපටයේ පශ්චාත් නිෂ්පාදන කටයුතු සිදුවෙමින් පවතින අතර, එය ප්රේක්ෂකයන්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙනු ඇති බවයි වාර්තා වෙන්නේ.
චිත්රපටයේ කතාව ගෙතෙන්නේ බකිංහැම් මාලිගයට සේවය සඳහා යන තරුණියක් වටායි. ඇයට පැවරෙන රහසිගත රාජකාරිය වෙන්නේ රැජිනගේ මුනුපුරා රාත්රී කාලයේදී අතුරුදහන් වීම පිටුපස ඇති අභිරහස සොයා බැලීමයි. කුමාරයා සමඟ සමීප වෙද්දී ඇය සොයාගන්නා භයානක රහස් නිසා ඇගේ ජීවිතය පවා අවදානමකට ලක්වෙනවා. අධ්යක්ෂවරයා පවසන පරිදි, මේ චිත්රපටය එකම මොහොතක ආදරණීය සහ බියකරු හැඟීම් දෙකම ප්රේක්ෂකයාට ලබා දෙන ‘ජෙකිල් සහ හයිඩ්’ වැනි අත්දැකීමක්. ඉදිරියේදී පැවැත්වෙන සිනමා උළෙලවල් හරහා මේ චිත්රපටය ලොව පුරා ප්රේක්ෂකයන්ට දැකගන්න ලැබෙනු ඇති.

Discussion & Feedback