ලොව පුරා ජනප්රිය ඇනිමේෂන් කතා මාලාවක් වන ‘Family Guy’ රසිකයන්ට සතුටුදායක ආරංචියක් ලැබිලා තියෙනවා. ඒ අනුව, ඉදිරි වසරේදීත් හැලොවීන් සහ නත්තල් උත්සව වෙනුවෙන් විශේෂ කථාංග දෙකක් Hulu හරහා විකාශය කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ විශේෂ කථාංගවල තවත් විශේෂත්වයක් තමයි ‘Succession’ කතා මාලාවෙන් ජනප්රිය වුණු කිරන් කල්කින්, හැලොවීන් කථාංගයේදී යක්ෂයාගේ චරිතයට පණ පොවමින් අමුත්තෙක් විදිහට එකතු වීම. මේ ගැන නිල වශයෙන් ප්රකාශ කළේ ‘Family Guy’ හි විධායක නිෂ්පාදක රිච් ඇපල් විසින් කොමික්-කොන් උත්සවයේදීයි.
මේ හැලොවීන් කථාංගය වන ‘Happy Hell-o-ween’ හිදී බ්රයන් සහ ස්ටූවි නිරයට යනවා. එහිදී ඔවුන් කරන කරදර නිසා යක්ෂයා පවා අපහසුතාවයට පත් වෙනවා. ඒ වගේම නත්තල් කථාංගය වන ‘The Peter Clause’ හිදී පීටර් සහ ඔහුගේ යාළුවෝ නගරයේ නිල සැන්ටා ක්ලවුස් වෙන්න තරඟ කරනවා. පීටර් පරාද වුණාම ඔහු ගන්නා තීරණ නිසා රසිකයන්ට හිනා වෙන්න පුළුවන් අපූරු කථාංගයක් බලාගන්න පුළුවන් වෙයි. මේ විශේෂ කථාංග Hulu හරහා වගේම ජාත්යන්තරව Disney+ ඔස්සේත් රසිකයන්ට නැරඹීමේ අවස්ථාව ලැබෙනවා. ‘Family Guy’ රසිකයන්ට මේ වසරේ අවසානය ඇත්තටම විනෝදජනක එකක් වේවි කියලා තමයි නිෂ්පාදකවරු කියන්නේ.

Discussion & Feedback