හොලිවුඩයේ ජනප්‍රියම නළුවෙක් වන ඩ්වේන් ජොන්සන් මේ දවස්වල අලුත් වැඩකට ලෑස්ති වෙනවා කියලා ආරංචියි. ඒ තමයි බ්‍රෝඩ්වේ වේදිකාවට පිවිසීම. ඔහු තමන්ගේ හොඳම යාළුවා වන කෙවින් හාර්ට් එක්ක එකතු වෙලා ‘ද ඔඩ් කපල්’ (The Odd Couple) නාට්‍යය වේදිකාගත කරන්න ලොකු සැලැස්මක් හදලා තියෙනවා. පසුගිය වසර තුනක ඉඳන් මේ ගැන වැඩ කරගෙන ගියත්, කෙවින් හාර්ට්ගේ කාර්යබහුල කාලසටහන නිසා මේ වැඩේ ටිකක් පස්සට දාන්න සිද්ධ වෙලා තියෙනවා. කෙවින්ගේ ඉදිරි වසර කිහිපයම වැඩවලින් පිරිලා නිසා මේ දේ ඉක්මනින්ම කරන්න බැරි වුණාට, ජොන්සන් කියන්නේ තමන් මේ හීනය අතාරින්නේ නැහැ කියලයි.
මේ නාට්‍යය ගැන විතරක් නෙවෙයි, තවත් අලුත් දේවල් ගැනත් ජොන්සන් හිතාගෙන ඉන්නවා. සමහරවිට ඒක සංගීතමය නාට්‍යයක් වෙන්නත් පුළුවන් කියලා ඔහු විහිළුවෙන් වගේ කියනවා. කොහොම වුණත්, මොආනා (Moana) චිත්‍රපටයේ මාවිගේ චරිතයට පණ පෙවූ ජොන්සන්, දැන් ඒකේ සජීවී චිත්‍රපටය හරහාත් ප්‍රේක්ෂකයින් අතරට එනවා. ඒ වගේම, 2026 නත්තල් කාලයේදී තිරගත වෙන්න නියමිත ‘ජුමාන්ජි: ඕපන් වර්ල්ඩ්’ (Jumanji: Open World) චිත්‍රපටයෙන් ජොන්සන් සහ කෙවින් හාර්ට් ආයෙත් එකට දකින්න ලැබෙනවා. මේ දෙන්නාගේ සුපිරි රංගනය බ්‍රෝඩ්වේ වේදිකාවෙත් දකින්න ලැබෙන දවස වැඩි ඈතක නෙවෙයි කියලා තමයි රසිකයෝ බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback