ඩිස්නි නාලිකාවේ අතිශය ජනප්රිය වුණු ‘චීටා ගර්ල්ස්’ (The Cheetah Girls) චිත්රපට මාලාවේ සිව්වන කොටස ඉතා ඉක්මනින්ම ප්රේක්ෂකයන් අතරට එන්න සූදානම් වෙනවා. මේ ගැන නිල වශයෙන් තහවුරු කරලා තියෙන්නේ ප්රධාන නිළියක් වන රේවන-සයිමන් විසින්. ඇය තමන්ගේ ඉන්ස්ටග්රෑම් ගිණුම හරහා මේ සුබ ආරංචිය රසිකයන් එක්ක බෙදාගෙන තිබුණා. ‘The Cheetah Girls: Next Gen’ ලෙස නම් කරලා තියෙන මේ අලුත්ම චිත්රපටය ගැන ඇය හරිම උද්යෝගයෙන් තමයි කතා කරලා තිබුණේ.
මේ අලුත් චිත්රපටයේ රේවන-සයිමන් එක්කම මුල් චිත්රපටවල හිටපු ඒඩ්රියන් බේලන් සහ සබ්රිනා බ්රයන් වගේම තවත් පිරිසක් නැවතත් දකින්න ලැබෙනවා. ඒ වගේම ලියා සවා ජෙෆ්රිස්, කාමන් සැන්චෙස්, කයිලීන් චෑන්ග් සහ සෝෆි ලෙනන් වගේ අලුත් පරපුරේ තරු කිහිපයකුත් මේ චිත්රපටයට එකතු වෙලා ඉන්නවා. සෝෆියා බුෂ් ද මේ චිත්රපටයේ විශේෂ චරිතයකින් දකින්න ලැබෙනවා. මේ වන විටත් චිත්රපටයේ වැඩකටයුතු ආරම්භ කරලා තියෙන අතර, රූගත කිරීම් මේ මාසයේදීම දකුණු අප්රිකාවේදී ආරම්භ වෙන්න නියමිතයි.
මුල් චිත්රපට මාලාවේ නිෂ්පාදකවරියක් වුණු ඩෙබ්රා මාටින් චේස් සහ රේවන-සයිමන් විසින්ම තමයි මේ අලුත් නිර්මාණයත් නිෂ්පාදනය කරන්නේ. අවුරුදු 23කට පස්සේ ආයෙත් මේ චිත්රපට මාලාව දකින්න ලැබීම ගැන රසිකයන් ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඉතින්, චීටා ගර්ල්ස් රසිකයන්ට මේක ඇත්තටම ‘චීටලිෂියස්’ (Cheetahlishious) අත්දැකීමක් වේවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්.

Discussion & Feedback