ජනප්රිය හොලිවුඩ් චිත්රපටයක් වන ‘ඩේස් ඔෆ් තන්ඩර්’ (Days of Thunder) හි දෙවන කොටස සඳහා ප්රධාන නිළිය ලෙස ඈන් හැත්වේ තෝරා ගැනීම මේ දිනවල ලෝක සිනමා ක්ෂේත්රයේ ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. මේ තීරණයට එම චිත්රපටයේම රංගනයෙන් දායක වුණු නළු රැන්ඩි ක්වේඩ් තමයි දැඩි විරෝධයක් පළ කරලා තියෙන්නේ. ඔහු සමාජ මාධ්ය ඔස්සේ අදහස් දක්වමින් පවසා තිබුණේ ඈන් හැත්වේ මේ චරිතයට කිසිසේත්ම නොගැලපෙන බවත්, ටොම් කෲස් සමඟ නැවතත් නිකොල් කිඩ්මන්වම රංගනයට එක් කරගත යුතු බවත්ය. ඈන් හැත්වේ මේ වන විට ගැබිනියක් වීම ඇයව විවේචනය කිරීමට ඔහු ප්රධාන හේතුවක් කරගෙන තිබීම විශේෂත්වයක්.
රැන්ඩි ක්වේඩ් තවදුරටත් පවසන්නේ චිත්රපටයේ සාර්ථකත්වය වෙනුවෙන් ටොම් කෲස් සහ නිකොල් කිඩ්මන් යළිත් එකම තිරයක දැකීම රසිකයන් බලාපොරොත්තු වන දෙයක් බවයි. එපමණක් නොවෙයි, ඔහු ඈන් හැත්වේගේ දේශපාලන මතවාදයන් පවා මේ විවේචනයට සම්බන්ධ කර ගනිමින් ඇයව ‘වැරදි තේරීමක්’ ලෙස හඳුන්වා තිබෙනවා. කෙසේ වෙතත්, මේ වන විටත් 2028 වසරේදී තිරගත වීමට නියමිත මෙම චිත්රපටය සඳහා ඈන් හැත්වේ නිල වශයෙන් තෝරාගෙන අවසන්. චිත්රපටයේ නිෂ්පාදක මණ්ඩලය හෝ ටොම් කෲස් මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල ප්රතිචාරයක් දක්වා නැහැ.
මේ සිදුවීමත් සමඟ සිනමා ලෝලීන් අතර විවිධ මතවාදයන් හුවමාරු වෙනවා. සමහරු රැන්ඩි ක්වේඩ්ගේ අදහසට එකඟ වන අතර, තවත් පිරිසක් පවසන්නේ රංගන ශිල්පිනියකගේ පෞද්ගලික ජීවිතය හෝ ගැබ් ගැනීමක් චිත්රපටයක රංගනයට බාධාවක් නොවන බවයි. කෙසේ වෙතත්, 90 දශකයේ අතිශය ජනප්රිය වූ මේ චිත්රපටයේ දෙවන කොටස එනතුරු රසිකයන් නොඉවසිල්ලෙන් බලා සිටින බව නම් පැහැදිලියි.

Discussion & Feedback