ලොස් ඇන්ජලීස් නුවර ජනප්රිය ගායකයෙක් වන D4vd හෙවත් ඩේවිඩ් ඇන්තනි බර්ක්ට එරෙහිව බරපතල ඝාතන චෝදනා යටතේ නඩු විභාගයක් පැවැත්වීමට අධිකරණය තීරණය කරලා තියෙනවා. ඔහුට චෝදනා එල්ල වෙලා තියෙන්නේ 14 හැවිරිදි සෙලෙස්ටේ රිවාස් හර්නැන්ඩස් නම් දැරියව ඉතාමත් අමානුෂික ලෙස ඝාතනය කර, ඇගේ සිරුර කොටස් කිරීම සම්බන්ධයෙන්. මේ අපරාධයට අමතරව දැරියව ලිංගික අපයෝජනයට ලක් කිරීම සහ සාක්ෂිකාරියක්ව ඝාතනය කිරීම වැනි බරපතල චෝදනා රැසක් ඔහුට එරෙහිව ගොනු කරලා තියෙනවා.
අධිකරණයේදී විනිසුරුවරිය ප්රකාශ කළේ, ඉදිරිපත් කර ඇති සාක්ෂි අනුව සැකකරුට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීමට ප්රමාණවත් කරුණු තියෙන බවයි. මේ වන විටත් බර්ක්ව ඇප නොමැතිව රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. ඔහු තමන් නිවැරදිකරු බව පැවසුවත්, වරදකරු වුවහොත් ඔහුට මරණ දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවීමේ ඉඩකඩ තියෙනවා. ලොස් ඇන්ජලීස් දිස්ත්රික් නීතිපතිවරයා පවසන්නේ, මේ සිද්ධිය ඕනෑම දෙමාපියෙකුට දරාගත නොහැකි ඉතාමත් කෲර අපරාධයක් බවයි.
පසුගිය වසරේ අප්රේල් මාසයේදී අතුරුදහන් වූ මේ දැරිය, අවසන් වරට දැක තිබුණේ ගායකයාගේ නිවසට යන අතරතුරයි. මූල්යමය වාසි ලබා ගැනීම සහ සාක්ෂි වසන් කිරීම වැනි විශේෂ කරුණු නිසා මේ නඩුව ඉතාමත් සංකීර්ණ තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඉදිරියේදී නීතිපතිවරයා විසින් ඔහුට මරණ දණ්ඩනය ඉල්ලා සිටිනවාද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. මේ වන විටත් දෙපාර්ශවයම තමන්ගේ සාක්ෂි ඉදිරිපත් කිරීමට සූදානමින් ඉන්නවා.

Discussion & Feedback