අඟහරු ග්රහයා මත වසර 14කට ආසන්න කාලයක් තිස්සේ ගවේෂණ කටයුතුවල නිරත වන නාසා ආයතනයේ ‘කියුරියෝසිටි’ රෝවරය මේ වන විට දැඩි අභියෝගයකට මුහුණ දීලා තියෙනවා. රෝවරය අඟහරු මතුපිට කිලෝමීටර් 32කට වඩා වැඩි දුරක් ගමන් කර ඇති අතර, එහි රළු භූමි ප්රදේශය නිසා රෝවරයේ රෝදවලට බරපතල හානි සිදුවෙමින් පවතින බව අලුතින් නිකුත් වූ ඡායාරූපවලින් පැහැදිලි වෙනවා. 2012 වසරේදී අඟහරුගේ ගේල් ආවාටයට ගොඩබෑ කියුරියෝසිටි රෝවරය, අතීතයේ අඟහරු මත ජීවය පැවතුණාදැයි සොයා බැලීමට විශාල මෙහෙවරක් ඉටු කරනවා.
මෙම රෝදවල ඇති වී තිබෙන සිදුරු සහ ඉරිතැලීම් දෙස බලන විට, අඟහරුගේ රළු පෘෂ්ඨය මත රෝවරයක් මෙතරම් කාලයක් ක්රියාත්මක වීම ඇත්තටම පුදුම හිතෙන දෙයක්. නාසා ආයතනය සහ ජෙට් ප්රචාලන විද්යාගාරය නිරන්තරයෙන්ම කැමරා මගින් මෙම රෝදවල තත්ත්වය පරීක්ෂා කරනවා. ඔවුන් පවසන පරිදි, රෝදවලට හානි සිදුවී තිබුණත් ඒවා තවමත් හොඳින් වැඩ කරනවා. මිනිසුන් නොවුණත්, කියුරියෝසිටි සහ පර්සිවරන්ස් වැනි රෝවර් මගින් අඟහරු ග්රහයා පිළිබඳ අපට ලැබෙන තොරතුරු, අනාගතයේදී මිනිසාට වෙනත් ග්රහලෝකයක පියවර තැබීමට අවශ්ය මූලික අඩිතාලම සකසනවා. අඟහරු වැනි දුෂ්කර පරිසරයක මෙවැනි තාක්ෂණික උපකරණයක් දිගු කලක් ක්රියාත්මක වීම මානව ඉතිහාසයේ සුවිශේෂී ජයග්රහණයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

Discussion & Feedback