ලොව ප්රධාන පෙළේ සන්නිවේදන සමාගමක් වන කොම්කාස්ට් (Comcast), තම ව්යාපාරික කටයුතු කොටස් දෙකකට වෙන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව NBCUniversal සහ Sky මාධ්ය ජාලයන් ඇතුළත් මාධ්ය අංශය සහ ඔවුන්ගේ බ්රෝඩ්බෑන්ඩ් සහ රැහැන් රහිත තාක්ෂණික අංශය වෙනම සමාගම් දෙකක් ලෙස ඉදිරියේදී ක්රියාත්මක වීමට නියමිතයි. මෙම වෙනස ඉදිරි වසරක කාලය තුළ සම්පූර්ණ කිරීමට ඔවුන් අපේක්ෂා කරන අතර, මෙය සමාගමේ අනාගත වර්ධනයට විශාල රුකුලක් වනු ඇති බවයි කොම්කාස්ට් පාලනාධිකාරිය පවසන්නේ.
මෙම නව ව්යුහය යටතේ NBCUniversal සමාගමේ ප්රධානියා ලෙස මයික් කැවනාග් කටයුතු කරන අතර, කොම්කාස්ට් සමාගමේ ප්රධාන විධායක නිලධාරියා ලෙස මයිකල් ඇන්ජලකිස් පත් වීමට නියමිතයි. NBCUniversal යටතේ Sky, Universal චිත්රාගාර, NBC සහ Peacock වැනි ජනප්රිය මාධ්ය ජාලයන් පවත්වාගෙන යනවා. අනෙක් පසින් කොම්කාස්ට් තාක්ෂණික අංශය රට පුරා මිලියන 65කට අධික නිවාස සහ ව්යාපාර වෙත අති නවීන ෆයිබර් ජාල සහ තාක්ෂණික සේවා සැපයීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා.
මෙම තීරණයත් සමඟ කොටස් හිමියන්ට සමාගම් දෙකෙහිම කොටස් හිමිවන අතර, එය වඩාත් කාර්යක්ෂම සහ තරගකාරී ව්යාපාරික ගමනකට මඟ පාදනු ඇති බවයි කොම්කාස්ට් සම-ප්රධාන විධායක බ්රයන් රොබට්ස් පවසන්නේ. විශේෂයෙන්ම Sky සමාගම බ්රිතාන්යයේ ITV නාලිකාව මිලදී ගැනීමට සූදානම් වන මොහොතක, මෙම බෙදීම හරහා එක් එක් අංශයට තමන්ගේම උපාය මාර්ගික ඉලක්ක කරා වේගයෙන් ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. ඉදිරි පැය කිහිපය තුළ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ආයෝජකයින් වෙත අනාවරණය කිරීමට නියමිතයි.

Discussion & Feedback