ප්රකට CNN නිවේදිකා සාරා සිඩ්නර් පසුගිය දිනවල තමන් මුහුණ දුන් ඉතාමත් බියකරු අත්දැකීමක් ගැන ප්රේක්ෂකයන් සමඟ බෙදාගෙන තිබෙනවා. මීට වසර දෙකකට පෙර තමන්ට තුන්වන මට්ටමේ පියයුරු පිළිකාවක් වැළඳී ඇති බව ඇය හෙළි කළ අතර, මෑතකදී සිදුකළ PET ස්කෑන් පරීක්ෂණයකින් ඇගේ පිළිකාව සිරුර පුරා පැතිරී ඇති බවත්, එය සුව කළ නොහැකි සිව්වන මට්ටමේ පිළිකාවක් බවත් වෛද්යවරුන් සැක පළ කර තිබුණා. මෙය ඇයට අදහාගත නොහැකි පුවතක් වුණා. තමන්ට තව ජීවත් වීමට ඇත්තේ වසර පහකටත් අඩු කාලයක් බව දැනගත් සාරා සහ ඇගේ පවුලේ අය දැඩි කම්පනයකට පත් වුණා.
කෙසේ වෙතත්, ඉන්පසු සිදුකළ බයොප්සි පරීක්ෂණයේ ප්රතිඵල එනතුරු ඇය දින 15ක් පුරා දැඩි මානසික පීඩනයකින් පසු වුණා. අවසානයේ ඇයට ලැබුණු වෛද්ය වාර්තාවලින් තහවුරු වුණේ ඇගේ පිළිකාව සිරුරේ පැතිරී නොමැති බවයි. CNN ප්රවෘත්ති මැදිරියේ සිටියදී මෙම ශුභාරංචිය ලැබුණු මොහොතේ ඇය දැඩි හැඟීම්බර වුණා. ඇගේ සම-නිවේදක ජෝන් බර්මන් ඇයට උපදෙස් දුන්නේ නිතරම නරකම දේ ගැන නොසිතා, ලැබුණු මේ ජයග්රහණය සතුටින් සමරන ලෙසයි. මේ වන විට ඇය නැවතත් සුවය ලබා සිටින අතර, ඇගේ මෙම අත්දැකීම බොහෝ දෙනෙකුට විශාල ආදර්ශයක් වී තිබෙනවා.

Discussion & Feedback