හොලිවුඩයේ ජනප්රිය නිර්මාණකරුවන් වන ජොනතන් නෝලන් සහ ලීසා ජෝයි එකතු වෙලා නිර්මාණය කරපු ‘ෆෝල්අවුට්’ (Fallout) ටෙලි කතා මාලාව මේ දවස්වල ලෝකය පුරාම ලොකු කතාබහකට ලක්වෙනවා. වීඩියෝ ක්රීඩාවක් ඇසුරින් නිර්මාණය වුණත්, මේ කතා මාලාව ඉතාම ගැඹුරු සහ තාත්වික විදිහට නිර්මාණය කරන්න ඔවුන්ට පුළුවන් වුණා. හැබැයි මේ නිර්මාණය පිටුපස ජනප්රිය චිත්රපට අධ්යක්ෂක ක්රිස්ටෝපර් නෝලන්ගේ විශාල බලපෑමක් තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.
ජොනතන් නෝලන් කියන විදිහට, තමන්ගේ ඕනෑම නිර්මාණයක් කරනකොට තමන්ගේ සහෝදරයා වන ක්රිස්ටෝපර් නෝලන්ගෙන් උපදෙස් ලබාගැනීම තමන්ගේ සාර්ථකත්වයේ රහසක්. විශේෂයෙන්ම ‘ෆෝල්අවුට්’ වගේ සංකීර්ණ කතාවක් ගොඩනගද්දී ක්රිස්ටෝපර්ගේ අදහස් සහ මඟපෙන්වීම් ගොඩක් වැදගත් වුණා. ඒ වගේම, ‘ෆෝල්අවුට්’ ක්රීඩාවේ නිර්මාතෘ ටොඩ් හොවාර්ඩ්, තමන්ගේ ‘ස්ටාර්ෆීල්ඩ්’ ක්රීඩාව නිර්මාණය කරද්දී ක්රිස්ටෝපර් නෝලන්ගේ ‘ඉන්ටර්ස්ටෙලර්’ චිත්රපටයෙන් ලොකු ආභාෂයක් ලබාගෙන තියෙනවා. ඒ නිසාම ඔහු ජොනතන් නෝලන්ව මේ ව්යාපෘතියට සම්බන්ධ කරගන්න ගොඩක් උනන්දු වුණා.
වීඩියෝ ක්රීඩාවක තියෙන අසීමිත නිදහස සහ විවිධ කතා තේමාවන් එකම කතා මාලාවකට ගොනු කිරීම ලේසි වැඩක් නෙවෙයි. ඒත් නෝලන් සහ ජෝයි එකතු වෙලා මේ කතාව ඉතාම ආකර්ෂණීය විදිහට ප්රේක්ෂකයන් අතරට ගෙනාවා. අද වෙනකොට ‘ෆෝල්අවුට්’ කියන්නේ පසුගිය දශකයේ බිහිවුණු හොඳම ටෙලි කතා මාලාවන් අතරින් එකක් විදිහට තමයි රසිකයන් හඳුන්වන්නේ. ක්රිස්ටෝපර් නෝලන්ගේ සහයෝගය සහ ජොනතන්ගේ නිර්මාණශීලීත්වය එකතු වුණාම මේ වගේ විශිෂ්ට නිර්මාණයක් බිහිවීම පුදුමයක් නෙවෙයි.

Discussion & Feedback