චීනය විසින් අභ්යවකාශ තාක්ෂණයේ තවත් සුවිශේෂී ජයග්රහණයක් සනිටුහන් කරමින්, ලොව බලවත්ම ඝන ඉන්ධන රොකට්ටුව වන ‘ග්රැවිටි-1’ (Gravity-1) සාර්ථකව අභ්යවකාශගත කර තිබෙනවා. ෂැංහයි වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ ස්ථාපිත කර තිබූ විශේෂ යාත්රාවක සිට මෙම රොකට්ටුව අභ්යවකාශයට දියත් කළ අතර, එහිදී චන්ද්රිකා නවයක් සාර්ථකව නියමිත කක්ෂගත කිරීමට ඔවුන්ට හැකි වුණා. අඩි 100ක් පමණ උසැති මෙම රොකට්ටුව, ඔරියන්ස්පේස් (Orienspace) නම් චීන සමාගමක් විසින් නිපදවා ඇති අතර, මෙය ඔවුන්ගේ තුන්වන සාර්ථක මෙහෙයුම වීම විශේෂත්වයක්.
මෙම රොකට්ටුව කිලෝග්රෑම් 6,500ක බරක් පහළ පෘථිවි කක්ෂයට රැගෙන යාමේ හැකියාවෙන් යුක්තයි. සාමාන්යයෙන් ද්රව ඉන්ධන රොකට්වලට වඩා මෙය ප්රමාණයෙන් කුඩා වුවත්, ඝන ඉන්ධන භාවිත කරන රොකට් අතරින් ලොව බලවත්ම එක ලෙස මෙය සැලකෙනවා. දැනටමත් මෙම සමාගම ග්රැවිටි-2 සහ ග්රැවිටි-3 නමින් තවත් බලවත් රොකට් නිපදවීමට කටයුතු කරමින් සිටින අතර, අනාගතයේදී මුහුදේ සිට ද්රව ඉන්ධන රොකට් දියත් කිරීමේ තාක්ෂණය දියුණු කිරීම ඔවුන්ගේ ප්රධාන අරමුණක් බවයි වාර්තා වෙන්නේ. ඉදිරි මාස කිහිපය තුළ තවත් චීන අන්තර්ජාල චන්ද්රිකා රැසක් දියත් කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.

Discussion & Feedback