බ්රිතාන්යයේ ප්රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක් වන චැනල් 4, සිය 43 වසරක ඉතිහාසයේ සිදුකරන විශාලතම සේවක කප්පාදුව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, 2026 වසර අවසානය වන විට සිය සේවක මණ්ඩලයෙන් 28%ක් හෙවත් සේවකයින් 340ක් පමණ ඉවත් කිරීමට නාලිකාව තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ. මෙම තීරණය ගෙන ඇත්තේ නාලිකාවේ මෙහෙයුම් වියදම් අවම කර, එම මුදල් වැඩසටහන් නිෂ්පාදනය සඳහා වැඩි වශයෙන් යෙදවීමේ අරමුණින් බව ප්රධාන විධායක නිලධාරිනී ප්රියා ඩොග්රා පවසනවා. වර්තමානයේ පවතින වෙළඳ දැන්වීම් වෙළඳපොලේ පසුබෑම සහ නිෂ්පාදන වියදම් ඉහළ යාම හමුවේ, නාලිකාවේ අනාගතය සුරක්ෂිත කර ගැනීමට මෙම පියවර අත්යවශ්ය බව ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.
මෙම හදිසි තීරණය නාලිකාවේ සේවකයින් මෙන්ම ක්ෂේත්රයේ බොහෝ දෙනා දැඩි කම්පනයකට පත් කර තිබෙනවා. චැනල් 4 නාලිකාව මේ වන විට යූ ටියුබ් වැනි ඩිජිටල් දැවැන්තයින් සහ අනෙකුත් තරඟකාරී නාලිකා සමඟ කරට කර සටන් කිරීමට උත්සාහ දරමින් සිටිනවා. කෙසේ වෙතත්, මෙම සේවක කප්පාදුව සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් විවේචන ද එල්ල වෙමින් පවතින අතර, විශේෂයෙන්ම ඉහළ නිලධාරීන්ගේ වැටුප් සම්බන්ධයෙන් ද නැවත වරක් සමාජ කතිකාවතක් ගොඩනැගී තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුළ සේවකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම නව ප්රතිව්යුහගත කිරීමේ සැලැස්ම ක්රියාත්මක කිරීමට නාලිකා පාලනාධිකාරිය බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback