මලයාලම් සිනමාවෙන් බිහිවුණු අලුත්ම වැම්පයර් ක්රියාදාම චිත්රපටයක් වන ‘Half’, ටොරොන්ටෝ ජාත්යන්තර සිනමා උළෙලේ ‘Midnight Madness’ අංශය යටතේ ලෝක මංගල දර්ශනය පැවැත්වීමට නියමිතයි. මේ චිත්රපටයේ ජාත්යන්තර බෙදාහැරීමේ අයිතිය ‘Best Friend Forever’ ආයතනය විසින් ලබාගෙන තිබෙනවා. සාමාන්යයෙන් ඉන්දීය චිත්රපටයක් දේශීය වශයෙන් සාර්ථක වුණාට පසුවයි ජාත්යන්තරයට යන්නේ, නමුත් ‘Half’ චිත්රපටය ඊට හාත්පසින්ම වෙනස් ගමනක් යමින් ලෝක සිනමා වේදිකාවට පිවිසීම විශේෂත්වයක්.
සම්ජාද් සහ ප්රවීන් විශ්වනාත් අධ්යක්ෂණය කරන මේ චිත්රපටයේ රංජිත් සජීව්, අයිශ්වර්යා රාජ්, අබ්බාස් සහ අමලා පෝල් වැනි ජනප්රිය නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. මෙහි ඇති විශේෂත්වය තමයි ‘The Raid 2’ වැනි ලෝක ප්රකට චිත්රපටවල සටන් අධ්යක්ෂණය කළ වෙරි ට්රයි යුලිස්මන් මෙහි සටන් දර්ශන නිර්මාණය කිරීම. නළු නිළියන් මාස ගණනාවක් පුහුණුවීම් කරමින් තමන්ගේම සටන් දර්ශන රඟපෑමට මෙහිදී කටයුතු කර තිබෙනවා. වැම්පයර් කතාවක් සහ පළිගැනීමේ ක්රියාදාමයක් එකට මුසු කරමින් නිර්මාණය කර ඇති මේ චිත්රපටය සිනමා ලෝලීන්ට අලුත්ම අත්දැකීමක් වේවි.
කේරළයේ ‘Fragrant Nature Film Creations’ නිෂ්පාදනය කරන මේ චිත්රපටය උතුරු ඉන්දියාවේ බෙදාහැරීම සිදු කරන්නේ එක්සෙල් එන්ටර්ටේන්මන්ට් ආයතනයයි. මලයාලම් සිනමාව සමඟ එක්සෙල් ආයතනය එකතු වන පළමු අවස්ථාව මෙය වීමත් සිනමා ක්ෂේත්රයේ කතාබහට ලක්වෙලා තියෙනවා. ඉතා ඉහළ නිෂ්පාදන වටිනාකමකින් යුත් මේ චිත්රපටය සිනමා ශාලාවල තිරගත වීමට පෙරම ලෝකයේ අවධානය දිනාගැනීමට සමත් වෙලා තියෙනවා.

Discussion & Feedback