හොලිවුඩ් සුපිරි නළු බෙන් ඇෆ්ලෙක් රංගනයෙන් දායක වුණු ‘ද රිප්’ (The Rip) චිත්රපටය 2026 වසරේ නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් වුණු ජනප්රියම චිත්රපටය බවට පත්වෙලා තියෙනවා. නීල්සන් දත්තවලට අනුව, වයස අවුරුදු 12ට වැඩි ප්රේක්ෂකයන් අතර මේ චිත්රපටය මිනිත්තු බිලියන 4.4කට වඩා වැඩි කාලයක් නැරඹීමෙන් වාර්තාවක් පිහිටුවන්න සමත් වුණා. ඇෆ්ලෙක්ගේ රංගන කුසලතාවය සහ අපරාධ ගණයේ චිත්රපටවලට තියෙන ඉහළ ඉල්ලුම නිසා මේ නිර්මාණය ලොව පුරා රසිකයන් අතර විශාල කතාබහකට ලක්වුණා.
දැන් ඉතින් රසිකයන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ ඔක්තෝබර් 9 වැනිදා නිකුත් වෙන්න නියමිත ඇෆ්ලෙක්ගේ අලුත්ම නිර්මාණය වන ‘ඇනිමල්ස්’ (Animals) චිත්රපටය ගැනයි. මේ චිත්රපටයේ ඔහු රඟපානවා විතරක් නෙවෙයි, අධ්යක්ෂණය සහ නිෂ්පාදනයත් සිදු කරනවා. මෙවර ඔහු නගරාධිපති අපේක්ෂකයෙක් විදිහට තමයි ප්රේක්ෂකයන් හමුවට එන්නේ. මැට් ඩේමන් මේ චිත්රපටයේ රංගනයෙන් දායක නොවූවත්, ගිලියන් ඇන්ඩර්සන් සහ කෙරී වොෂින්ටන් වැනි ප්රවීණ නළු නිළියන් රැසක් මෙයට එකතු වෙලා ඉන්නවා.
‘ද රිප්’ චිත්රපටයේ ලැබුණු සාර්ථකත්වයත් එක්ක ‘ඇනිමල්ස්’ චිත්රපටයත් නෙට්ෆ්ලික්ස් හි ඉහළම ජනප්රියත්වයක් ලබන චිත්රපටයක් වේවි කියලා තමයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ. ඇෆ්ලෙක්ගේ මේ නවතම අපරාධ ත්රාසජනක චිත්රපටය නරඹන්නට ප්රේක්ෂකයන්ට තියෙන්නේ ලොකු උනන්දුවක්. ඉතින්, මේ වසරේ තවත් විශාල ජයග්රහණයක් තමන්ගේ නම ඉදිරියේ සටහන් කරගන්න බෙන් ඇෆ්ලෙක්ට පුළුවන් වේවිද කියලා අපිට ඉදිරියේදී බලාගන්න පුළුවන්.

Discussion & Feedback