මේ දවස්වල Bethesda සමාගම ගැන ගේමර්ස්ලා අතර ලොකු කතාබහක් තියෙනවා. විශේෂයෙන්ම Xbox සමාගමේ වෙනස්කම් නිසා Bethesda එකේ අනාගතය ගැන ගොඩක් අය සැකෙන් හිටියේ. ඒත් මේ අතරේ රසිකයන්ව සතුටු කරන්න ඔවුන් සුපිරි වැඩක් කරලා තියෙනවා. ඒ තමයි ඔවුන්ගේ අතිශය ජනප්රිය Quake ක්රීඩාවේ 30 වැනි සංවත්සරය සමරන්න ‘Dawn of the Machine’ නමින් අලුත්ම කැම්පේන් එකක් නොමිලේම නිකුත් කිරීම.
මේ අලුත් අප්ඩේට් එකත් එක්ක ක්රීඩකයන්ට අලුත්ම මැප් 19ක්, අලුත් සංගීත රටා සහ තවත් ගොඩක් දේවල් අත්විඳින්න පුළුවන්. මේක දැනටමත් PC, Xbox, PlayStation සහ Nintendo Switch වගේ ප්රධාන ප්ලැට්ෆෝම් ඔක්කොම වලට නිකුත් කරලා තියෙන්නේ. 1996 දී මුලින්ම ආපු Quake කියන්නේ අදටත් ගේමින් ලෝකයේ ලොකු බලපෑමක් කරපු ක්රීඩාවක්. ඒ කාලේ තිබුණු වේගවත් සටන් සහ තාක්ෂණය නිසා තමයි අද තියෙන ගොඩක් ඔන්ලයින් ශූටර් ගේම්ස් හැදුණේ.
ඔයා තාමත් Quake ගහලා නැත්නම්, මේක තමයි හොඳම වෙලාව. මේ අලුත් අප්ඩේට් එකත් එක්ක පරණ ගේම් එකේ තියෙන රෙට්රෝ ගතිය සහ අලුත් තාක්ෂණය එකතු වෙලා සුපිරි අත්දැකීමක් ලැබෙනවා. ඉතින් ඔයා ගේම් ගහන්න ආස කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම මේ අලුත් Quake අත්දැකීම අත්හදා බලන්න කියලා අපි ආරාධනා කරනවා.

Discussion & Feedback