ලොව පුරා සිටින බැට්මෑන් රසිකයන් බොහෝ දෙනෙක් බලාගෙන හිටපු ‘Batman: Caped Crusader’ දෙවන සමය මේ සතියේදී ප්රයිම් වීඩියෝ (Prime Video) හරහා විකාශය වීමට නියමිතයි. මේ වන විටත් විචාරකයන්ගෙන් ලැබෙන ප්රතිචාර ඉතාමත් යහපත් මට්ටමක පවතින අතර, රොටන් ටොමැටෝස් (Rotten Tomatoes) වෙබ් අඩවියේ එය 87%ක ඉහළ අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. පළමු සමයට ලැබුණු 94%ක අගයට සාපේක්ෂව මෙය තරමක් අඩු අගයක් වුණත්, ඉදිරියේදී තවත් විචාර එකතු වීමත් සමඟ මේ ප්රතිශතය වෙනස් වෙන්න පුළුවන්.
මෙම නවතම සමය ගැන අදහස් දක්වන විචාරකයන් පවසන්නේ මෙවර බැට්මෑන්ගේ චරිතය වඩාත් ගැඹුරු සහ සිසිල් ස්වභාවයකින් නිරූපණය වන බවයි. විශේෂයෙන්ම මෙවර කතා මාලාවේ එන ජෝකර්ගේ චරිතය ඉතාමත් බුද්ධිමත් සහ දරුණු ලෙස නිර්මාණය කර තිබීම රසිකයන්ට අලුත් අත්දැකීමක් වේවි. පළමු සමයට ප්රේක්ෂකයන්ගෙන් එතරම් හොඳ ප්රතිචාරයක් නොලැබුණත්, දෙවන සමය තුළින් බැට්මෑන්ගේ චරිතය වඩාත් හොඳින් ගොඩනැගීමට නිෂ්පාදකයන් උත්සාහ කර තිබෙනවා.
මේ අතර මැට් රීව්ස්ගේ අධීක්ෂණය යටතේ නිර්මාණය වන තවත් බැට්මෑන් ආශ්රිත චිත්රපටයක් වන ‘Clayface’ ඔක්තෝබර් 23 වනදා තිරගත වීමට නියමිතයි. කෙසේ වෙතත්, ‘Batman: Caped Crusader’ සඳහා තුන්වන සමයක් ලැබේද යන්න ගැන තවමත් ප්රයිම් වීඩියෝ ආයතනය කිසිදු තීරණයක් අරගෙන නැහැ. කොහොම වුණත්, බැට්මෑන් රසිකයන්ට මේ සිකුරාදා සිට අලුත්ම කථාංග රසවිඳින්න පුළුවන්.

Discussion & Feedback