අභ්යවකාශ විද්යාඥයන් විසින් මීට දශක ගණනාවකට පෙර සිටම ඉතා නිහඬව පැවති අභිරහස් නියුට්රෝන තරුවකින් රේඩියෝ සංඥා නිකුත් වන බව සොයාගෙන තියෙනවා. ‘බ්ලූ අයි පල්සාර්’ (Blue Eye Pulsar) ලෙස නම් කර ඇති මෙම තරුව පිහිටා තිබෙන්නේ අපේ ක්ෂීරපථයේ සිට ආලෝක වර්ෂ 10,000ක් ඈතින්. මීට පෙර විද්යාඥයන් සිතා සිටියේ මෙවැනි තරු කිසිදු රේඩියෝ තරංගයක් නිකුත් නොකරන බවයි. නමුත් චීන විද්යාඥයන් කණ්ඩායමක් දකුණු අප්රිකාවේ පිහිටි MeerKAT රේඩියෝ දුරේක්ෂය භාවිතා කරමින් සිදුකළ නිරීක්ෂණවලදී, මෙම තරුව තත්පර 424කට වරක් ඉතා සියුම් රේඩියෝ සංඥා නිකුත් කරන බව තහවුරු කරගත්තා.
මෙම සොයාගැනීම අභ්යවකාශ විද්යාවේ නව පිටුවක් පෙරළීමට සමත් වී තිබෙනවා. මීට වසර 4,100කට පමණ පෙර සිදුවූ සුපර්නෝවා පිපිරීමකින් නිර්මාණය වූ මෙම තරුව, පසුගිය කාලයේ සිදුවූ අභ්යන්තර වෙනස්කම් හේතුවෙන් නැවතත් සක්රීය වී ඇති බවයි විද්යාඥයන් අනුමාන කරන්නේ. විශේෂයෙන්ම, මෙවැනි සියුම් රේඩියෝ සංඥා නිකුත් කරන තරු අපේ මන්දාකිණිය තුළ තවත් බොහෝමයක් සැඟවී තිබිය හැකි බවට මෙය හොඳ සාක්ෂියක්. මෙම සොයාගැනීම මගින් මීට පෙර අපට හඳුනාගත නොහැකි වූ සුපර්නෝවා අවශේෂවල සැඟවී සිටින තරු ගැන තවදුරටත් අධ්යයනය කිරීමට විශාල අවස්ථාවක් ලැබෙනවා.
අනාගතයේදී මෙම තරුව නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීමෙන්, මෙවැනි තරු රේඩියෝ තරංග නිකුත් කිරීම නවත්වන්නේද නැත්නම් දිගටම පවත්වාගෙන යන්නේද යන්න ගැන පැහැදිලි අවබෝධයක් ලබාගන්න පුළුවන්. මෙය අභ්යවකාශයේ සැඟවී ඇති තවත් බොහෝ රහස් හෙළි කරගැනීමට මඟ පාදන වැදගත් පියවරක් බවයි විද්යාඥයන් පවසන්නේ.

Discussion & Feedback