ලොව පුරා රසිකයින් නොඉවසිල්ලෙන් බලා සිටින ජනප්රිය ‘ඇමරිකන් හොරර් ස්ටෝරි’ (American Horror Story) 13 වන කතා මාලාව සැප්තැම්බර් 24 වෙනිදා විකාශය වීමට නියමිතයි. මේ කතා මාලාව ගැන රසිකයින් අතර ලොකු කතාබහක් ඇති වුණත්, ජනප්රිය ගායිකා අරියානා ග්රෑන්ඩ් මේ සඳහා රංගනයෙන් දායක වීමට නියමිත බවට පැතිර ගිය ආරංචි අසත්ය බව දැන් තහවුරු වෙලා තියෙනවා. ඇයගේ ‘Eternal Sunshine’ සංගීත ප්රසංග මාලාව සහ රූපගත කිරීම් කාලසටහන් එකිනෙක ගැටීම නිසා ඇයට මේ අවස්ථාව මගහැරී ගොස් තිබෙනවා. ඇය කිසිදු දර්ශනයක් සඳහා රූගත කිරීම්වලට සහභාගී වී නැති බවයි වාර්තා වෙන්නේ.
මේ වන විට අරියානා ග්රෑන්ඩ් ඇයගේ සංගීත ප්රසංග සඳහා කාර්යබහුල වී සිටින අතර, ඇයගේ සමහර ප්රසංග දින පවා වෙනස් කිරීමට සිදුව තිබෙනවා. කෙසේ වෙතත්, 13 වන කතා මාලාවේ රූගත කිරීම් අතරතුර ෆ්රැන්සිස් කොන්රෝයි සහ ඇලෙක්ස් කොන්සානි වැනි නවක තරු කිහිපයක් දැකගන්න ලැබුණා. සාරා පෝල්සන්, එවන් පීටර්ස් සහ ජෙසිකා ලැන්ග් වැනි ප්රවීණ නළු නිළියන් රැසක් මෙවරත් අපට බලාගන්න පුළුවන්. කතා මාලාවේ අන්තර්ගතය ගැන තවමත් රහසක් ලෙස තබාගෙන සිටියත්, රසිකයින් මේ නව කතා මාලාව ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා.

Discussion & Feedback