ලෝක ප්රකට ඇපල් සමාගම විසින් ඔවුන්ගේ Apple TV+ සේවාවේ මාසික දායක ගාස්තුව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. මේ අනුව, අගෝස්තු 28 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි ඇමරිකාවේ නව සහ දැනට සිටින පාරිභෝගිකයන් සඳහා මාසික ගාස්තුව ඩොලර් 12.99 සිට 14.99 දක්වා ඉහළ යනවා. ඒ වගේම වාර්ෂික දායක ගාස්තුව ඩොලර් 99 සිට 119 දක්වා වැඩි කර ඇති අතර, ඇපල් සමාගමේ සියලුම සේවාවන් එකතු කර ඇති ‘Apple One’ පැකේජයේ මිලත් ඩොලර් 19.95 සිට 21.95 දක්වා ඉහළ දමා තිබෙනවා. දැනට මෙම සේවාව භාවිතා කරන පාරිභෝගිකයන්ට නව මිල ගණන් යටතේ අය කිරීම් ආරම්භ වීමට මාසයකට පෙර ඒ පිළිබඳව දැනුම් දීමටත් ඇපල් සමාගම කටයුතු කරනවා.
පසුගිය වසරේදීත් ඇපල් සමාගම සිය දායක ගාස්තු ඉහළ දැමූ අතර, මෙවර මෙම තීරණය ගෙන තිබෙන්නේ ඔවුන්ගේ සේවා අංශයේ ආදායම පසුගිය කාර්තුවේදී 12%කින් වර්ධනය වී තිබියදීයි. ඇපල් ටීවී හි වැඩසටහන් සඳහා මේ වන විට ඉහළ ප්රේක්ෂක ප්රතිචාරයක් ලැබෙන අතර, ‘Severance’ සහ ‘Ted Lasso’ වැනි ජනප්රිය කතා මාලා රැසක් මේ හරහා නැරඹීමට පුළුවන්. විශේෂයෙන්ම ඇපල් ටීවී වැඩසටහන් සඳහා මෙවර එමි සම්මාන නිර්දේශ 89ක් ලැබී තිබීම ඔවුන්ගේ සාර්ථකත්වයට කදිම සාක්ෂියක්. මිල වැඩි වුවත්, උසස් තත්ත්වයේ අන්තර්ගතයන් ලබා දීම නිසා තවමත් බොහෝ දෙනෙක් මෙම සේවාව සමඟ රැඳී සිටින බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback