ජනප්‍රිය නිර්මාණකරුවෙක් වන මැකෙන්සි කෲක්ගේ අලුත්ම නිර්මාණය වන ‘ස්මෝල් ප්රොෆෙට්ස්’ (Small Prophets) කොමඩි නාට්‍ය මාලාව ලොව පුරා විකාශය කිරීමේ අයිතිය ඇපල් ටීවී (Apple TV) ආයතනය විසින් ලබාගෙන තියෙනවා. මේ අපූරු කතා මාලාව එළඹෙන ඔක්තෝබර් 7 වැනිදා සිට ලොව පුරා ප්‍රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව ලැබෙනවා. බ්‍රිතාන්‍යයේදී නම් මෙය ලබන වසරේදී විකාශය කිරීමට නියමිතයි. බීබීසී නාලිකාවේ විකාශය වූ දා සිටම ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ විචාරක පැසසුම් දිනාගත් මෙම කතා මාලාව, රොටන් ටොමැටෝස් වෙබ් අඩවියේ 100%ක සාර්ථකත්වයක් ලබා තිබීම විශේෂත්වයක්.
මෙම කතාව ගෙතෙන්නේ මයිකල් ස්ලීප් නම් අමුතු චරිතයක් වටායි. තමන්ගේ ආදරණීය බිරිඳ අතුරුදහන් වීමෙන් පසු, අනාගතය ගැන දැනගැනීමට ඔහු මැජික් බෙහෙත් වර්ගයක් භාවිතා කරමින් අද්භූත ආත්මයන් නිර්මාණය කිරීමට උත්සාහ කරනවා. මේ ගමනේදී ඔහුට ලැබෙන මිතුරන් සහ අසල්වැසියන් නිසා කතාව තවත් රසවත් වෙනවා. මැන්චෙස්ටර් නගරයේ පසුබිමින් දිවෙන මෙම කතා මාලාව, ‘ටෙඩ් ලැසෝ’ වැනි ජනප්‍රිය නිර්මාණවලට සමාන මෘදු සහ ආකර්ෂණීය බ්‍රිතාන්‍ය ආරකින් යුක්තයි. මැකෙන්සි කෲක් විසින්ම අධ්‍යක්ෂණය කරමින් රංගනයෙන් ද දායක වන මෙම නිර්මාණය, විනෝදජනක මෙන්ම සිතට දැනෙන අපූරු කතාවක් බවට පත්වෙලා තියෙනවා.

Discussion & Feedback