ජපාන අභ්යවකාශ ගවේෂණ ඒජන්සිය හෙවත් JAXA ආයතනය විසින් අලුතින්ම නිපදවූ RV-X නමැති නැවත භාවිත කළ හැකි රොකට් යානය සාර්ථකව අත්හදා බැලීමට පසුගියදා සමත් වුණා. ජපානයේ නොෂිරෝ පරීක්ෂණ මධ්යස්ථානයේදී සිදුකළ මෙම කෙටි ගුවන් ගමන තත්පර 40ක් පුරා පැවතුණු අතර, අඩි 33ක උසකට ඉහළ ගිය මෙම රොකට්ටුව පසුව අඩි 50ක් පමණ දුරකින් ආරක්ෂිතව ගොඩබෑමට හැකි වුණා. මෙය ජපානය අභ්යවකාශ තාක්ෂණය අතින් තැබූ ඉතා වැදගත් පියවරක් ලෙසයි විද්යාඥයන් හඳුන්වන්නේ.
මෙම ව්යාපෘතියේ මූලික අරමුණ වන්නේ අනාගතයේදී අභ්යවකාශ ගමන් සඳහා වැය වන පිරිවැය විශාල ලෙස අඩු කිරීමයි. දැනට ලොව ප්රමුඛ පෙළේ සමාගම් වන SpaceX සහ Blue Origin වැනි ආයතන සාර්ථකව සිදුකරන මෙම තාක්ෂණය, ජපානය විසින් ප්රංශය සහ ජර්මනිය සමඟ එක්ව ‘CALLISTO’ නමැති ඒකාබද්ධ ව්යාපෘතියක් හරහා දියුණු කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. දැනට භාවිත කරන H3 රොකට්ටුවට වඩා කාර්යක්ෂම සහ නැවත නැවත භාවිත කළ හැකි රොකට් නිර්මාණය කිරීම මෙහි ප්රධාන ඉලක්කයයි.
මෙම පළමු අත්හදා බැලීම ඉතා සාර්ථක වූ නිසා, ඉදිරියේදී RV-X රොකට්ටුව මීට වඩා වැඩි උසකට සහ වැඩි කාලයක් අභ්යවකාශයේ රඳවා තබා ගැනීමට පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. SpaceX සමාගමේ මුල්කාලීන ‘Starhopper’ පරීක්ෂණයට සමාන මෙම පියවර, ජපානයට අභ්යවකාශ තරඟයේ ඉදිරියටම යාමට මග පාදනු ඇති බවටයි විචාරකයින් පවසන්නේ. ඉදිරි පරීක්ෂණවලදී අඩි 330ක උසකට යානය යැවීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback