ඩෙස්පිකබල් මී (Despicable Me) සහ මිනියන්ස් (Minions) වැනි ජනප්රිය සජීවීකරණ චිත්රපට නිර්මාණය කළ ඉලියුමිනේෂන් (Illumination) ආයතනය මේ වන විට අභ්යවකාශය පසුබිම් කරගත් අලුත්ම සජීවීකරණ චිත්රපටයක් ප්රේක්ෂකයන් වෙත ගෙන ඒමට සූදානම් වෙනවා. ‘Not Alone’ ලෙස නම් කර ඇති මෙම චිත්රපටය 2027 අප්රේල් 16 වැනිදා තිරගත වීමට නියමිතයි. මෙය හුදෙක් විද්යා ප්රබන්ධයක් පමණක් නොවෙයි, ආදරය සහ හාස්යය මුසු වූ අපූරු කතාවක්. ජෝ නම් රොකට් කාර්මිකයා සහ ෆ්රෑන් නම් තාරකා විද්යාඥවරිය වටා ගෙතෙන මෙම කතාවට, අහම්බෙන් ඔවුන්ගේ ජීවිතවලට එකතු වන අමුතු පිටසක්වල ජීවීන් තිදෙනෙක් නිසා විශාල කලබලයක් ඇති වෙනවා.
මෙම චිත්රපටය සඳහා හොලිවුඩයේ ජනප්රිය නළු නිළියන් වන තිමෝති චලමෙට් සහ සෙලීනා ගෝමස් ඇතුළු පිරිසක් තම හඬ දායකත්වය ලබා දෙනවා. එරික් ගුයිලොන්, ක්ලෙයාර් ඩොඩ්සන් සහ ජොනතන් ඩෙල් වල් යන ප්රවීණ අධ්යක්ෂවරුන්ගේ දායකත්වයෙන් නිර්මාණය වන මෙම චිත්රපටය, සාමාන්ය විද්යා ප්රබන්ධ චිත්රපටවලට වඩා වෙනස් වූ වර්ණවත් සහ ආකර්ෂණීය ශෛලියකින් යුක්තයි. ඩේවිඩ් බෝවීගේ ‘Space Oddity’ ගීතය පසුබිමින් ඇසෙන මෙම චිත්රපටයේ ට්රේලරය මේ වන විටත් බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබෙනවා. ඉලියුමිනේෂන් ආයතනයේ වෙනස්ම ආකාරයේ නිර්මාණයක් වන මෙය, අභ්යවකාශයේ සිදුවන ආදර කතාවක් ලෙස සිනමා ලෝලීන් අතර ලොකු කතාබහක් ඇති කර තිබෙනවා.

Discussion & Feedback