දශක පහකට වඩා පැරණි ජනප්රිය අපරාධ කතා මාලාවක් වන ‘ද රොක්ෆර්ඩ් ෆයිල්ස්’ (The Rockford Files) මේ දිනවල නැවතත් අන්තර්ජාලය තුළ දැඩි කතාබහකට ලක්වෙලා තියෙනවා. 1974 වසරේදී මුලින්ම විකාශය වුණු මේ කතා මාලාව, ඇමරිකාවේ ඇපල් ටීවී ස්ටෝර් (Apple TV Store) ශ්රේණිගත කිරීම්වල ඉහළටම පැමිණෙමින්, අද පවතින නවීන ටෙලි නාට්ය පවා අභිබවා යන්න සමත් වෙලා තියෙනවා. මේ දිනවල මේ පැරණි කතා මාලාව මෙතරම් ජනප්රිය වෙන්න ප්රධානම හේතුව තමයි, ප්රවීණ නළු ඩේවිඩ් බොරියානස්ගේ ප්රධානත්වයෙන් මේ කතා මාලාව නැවතත් අලුත් විදියකට නිර්මාණය වෙමින් පැවතීම.
‘ඒන්ජල්’, ‘බෝන්ස්’ සහ ‘සීල් ටීම්’ වැනි ජනප්රිය කතා මාලා හරහා ලොව පුරා රසික ආදරය දිනාගත් ඩේවිඩ් බොරියානස්, මේ අලුත් නිර්මාණයේදී ජේම්ස් රොක්ෆර්ඩ් නම් පෞද්ගලික රහස් පරීක්ෂකවරයාගේ චරිතයට පණ පොවනවා. 2027 වසරේදී එන්.බී.සී (NBC) නාලිකාව හරහා විකාශය වීමට නියමිත මේ නවතම කතා මාලාව සඳහා මයිකේලා මැක්මැනස් ඇතුළු තවත් ජනප්රිය නළු නිළියන් පිරිසක් එකතු වෙලා ඉන්නවා. මුල් කතා මාලාවට ලැබෙන මේ ඉහළ ප්රතිචාරත් එක්ක, බොරියානස්ගේ මේ අලුත් වැඩේ ගැන රසිකයන් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. කොහොමත් පැරණි නිර්මාණ අලුත් මුහුණුවරකින් දකින එක රසිකයන්ට හැමදාමත් අලුත් අත්දැකීමක්නේ.

Discussion & Feedback