ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරන විදිහට, පාකිස්තානය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වුණු දැවැන්ත මත්ද්‍රව්‍ය ජාලයක් කඩාකප්පල් කරන්න ශ්‍රී ලංකාවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළු පාර්ශව කිහිපයක් සමත් වෙලා තියෙනවා. අගෝස්තු 14 වැනිදා ඉඳන් 29 වැනිදා දක්වා කාලය තුළ ඇමරිකාවේ මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ ඒජන්සිය (DEA) සහ පාකිස්තානයේ මත්ද්‍රව්‍ය නාශක බලකාය ලබා දුන්නු බුද්ධි තොරතුරු මත තමයි මේ වැටලීම සිදු වුණේ. මේ මෙහෙයුමේදී පාකිස්තානයේ ඉඳන් ශ්‍රී ලංකාවට ආපු බහාලුම් පරීක්ෂා කරද්දී නාන තුවා ඇතුළේ සඟවලා තිබුණු කිලෝග්‍රෑම් 463ක් විතර බරැති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අල්ලගන්න පුළුවන් වුණා. මේ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 21ක් විතර වෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.
මේ සිද්ධියට සම්බන්ධ පාකිස්තාන ජාතිකයන් කිහිප දෙනෙක් ඇතුළු සැකකරුවන් පිරිසක් දැනටමත් අත්අඩංගුවට අරන් තියෙනවා. ඇමරිකානු තානාපති කාර්යාලය පවසන විදිහට මේ මෙහෙයුමෙන් පේන්නේ දෙරට අතර තියෙන ශක්තිමත් සහයෝගීතාවයයි. විශේෂයෙන්ම ත්රස්තවාදයට මුදල් සපයන සහ ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක වෙන මේ වගේ අපරාධ කල්ලි මර්දනය කරන්න මේ වගේ ඒකාබද්ධ මෙහෙයුම් ගොඩක් වැදගත්. ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා පොලිසියට සහ රේගුවට ලබා දීපු පුහුණුවීම් සහ තාක්ෂණික උදව් මේ වැටලීම සාර්ථක කරගන්න ලොකු පිටුවහලක් වුණා. අනාගතයේදීත් මේ වගේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයන්ගෙන් රට බේරගන්න ඇමරිකාව දිගටම ශ්‍රී ලංකාවත් එක්ක එකතු වෙලා වැඩ කරන්න සූදානමින් ඉන්නවා.

Discussion & Feedback