එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවි මහතුන් සහ පාසල් දරුවන්ගේ දිවා ආහාර වේල සපයන සැපයුම්කරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 22කට අධික වටිනාකමකින් යුත් කෘෂිකාර්මික උපකරණ තොගයක් ලබා දීලා තියෙනවා. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. මේ යටතේ වතුර ටැංකි, වගා කටයුතු සඳහා අවශ්‍ය හෝස් වර්ග, බෙහෙත් ඉසින යන්ත්‍ර සහ වැටවල් ගැසීමට අවශ්‍ය උපකරණ වගේ දේවල් ගොවීන්ට ලැබෙනවා. මේ මගින් දේශීය ආහාර නිෂ්පාදනය වැඩි දියුණු කරලා, පාසල් දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීම තමයි ප්‍රධාන අරමුණ වෙන්නේ.
මේ වැඩසටහනට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීලා තියෙන්නේ මයිකල් කෝස් (Michael Kors) ආයතනය මගින්. මේ හරහා පාසල් සහ ප්‍රදේශයේ ගොවීන් අතර සෘජු සම්බන්ධතාවයක් ඇති කරලා, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන්ගේ ජීවනෝපාය නංවාලීමට ලොකු සහයෝගයක් ලැබෙනවා. දැනටමත් නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා මේ වැඩසටහන දියුණු කරන්න ලෝක ආහාර වැඩසටහන රුපියල් මිලියන 92කට වඩා වැඩි මුදලක් ආයෝජනය කරලා තියෙනවා. මේ වගේ වැඩසටහන් නිසා දේශීය ගොවීන්ට වගේම පාසල් දරුවන්ටත් ලොකු වාසියක් වෙනවා කියලා අපිට දකින්න පුළුවන්.

Discussion & Feedback