බෙල්ජියමේ අගනුවර වන බ්‍රසල්ස් නුවර මේ දිනවල මත්ද්‍රව්‍ය කල්ලිවල ක්‍රියාකාරකම් නිසා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. පසුගිය සඳුදා රෑ සාල්වටෝර් නම් පුද්ගලයාගේ පීසා අවන්හලට එල්ල වුණු වෙඩි ප්‍රහාරයත් එක්ක මේ ප්රශ්නය ආයෙමත් කරළියට ආවා. මේ ප්‍රදේශයේ වෙඩි තැබීම් දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. මේ වසරේ පමණක් වෙඩි තැබීම් 65කට වඩා වාර්තා වෙලා තියෙනවා. දවස් තුනක් ඇතුළත එකම ප්‍රදේශයක වෙඩි තැබීම් තුනක් සිදුවීමෙන් පේන්නේ මේ කල්ලි කොයිතරම් බලවත් වෙලාද කියන එකයි. සමහර වෙලාවට පොලිස් ස්ථානවලට පවා ප්‍රහාර එල්ල කරන තත්ත්වයට මේ අපරාධකරුවන් පත්වෙලා ඉන්නවා.
මේ මත්ද්‍රව්‍ය ජාවාරම නිසා දිනකට යුරෝ 50,000ක් වගේ විශාල මුදලක් උපයන්න මේ කල්ලිවලට පුළුවන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම තරුණ ළමයින්ව පවා මේ අපරාධවලට යොදා ගැනීම තමයි බරපතලම කාරණාව. අවුරුදු 12ක වගේ පොඩි ළමයි පවා මේ ජාවාරම්වලට සම්බන්ධ කරගන්නවා කියලා පොලිසිය කියනවා. කොකේන් වගේ මත්ද්‍රව්‍ය බහුලව ලැබීමත් එක්ක මේ කල්ලි අතර බල අරගල වැඩිවෙලා තියෙනවා. මේ තත්ත්වය පාලනය කරන්න රජය අමතර පොලිස් නිලධාරීන් යොදවන්න තීරණය කරලා තියෙනවා. ඒත් සාමාන්‍ය ජනතාව ඉන්නේ තමන්ගේ ගම, නගරය කොයි මොහොතේ යුද පිටියක් වෙයිද කියන බියෙන්.

Discussion & Feedback