අගෝස්තු 25 වැනිදා රත්මලාන ගුවන්තොටුපළේදී හදිසි සිදුවීමක් වාර්තා වුණා. ඒ රත්මලාන ගුවන්තොටුපළේ පවත්වාගෙන යන පෞද්ගලික ගුවන් පුහුණු පාසලකට අයත් ‘සෙස්නා 152’ වර්ගයේ කුඩා පුහුණු ගුවන් යානයක් ගොඩබෑමේදී සිදුවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දරුණු ලෙස පොළොවේ ගැටීම නිසයි. 4R-DRA ලෙස ලියාපදිංචි කර තිබූ මෙම යානය ගොඩබෑමේදී මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
වාසනාවකට වගේ මෙම අනතුරින් යානය පැදවූ ගුවන් නියමුවාට කිසිදු තුවාලයක් සිදුවෙලා නැහැ. ඔහු ඉතා ආරක්ෂිතව යානයෙන් පිටතට පැමිණීමට සමත් වුණා. නමුත් මෙම අනතුර නිසා යානයට යම් හානි සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ. මේ වන විට ගුවන්තොටුපළේ කටයුතු තාවකාලිකව අඩාල වී තිබෙන අතර, අනතුරට ලක්වූ යානය ඉවත් කර ගුවන් පථය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු බලධාරීන් විසින් මේ මොහොතේ සිදු කරමින් පවතිනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. ගුවන් යානය ගොඩබෑමේදී සිදුවූ මෙම හදිසි තත්ත්වය නිසා ගුවන්තොටුපළේ සාමාන්‍ය මෙහෙයුම් කටයුතුවලට යම් බාධාවක් ඇති වුණත්, ඉක්මනින්ම එම තත්ත්වය මගහරවා ගැනීමට කටයුතු කරන බවයි ගුවන්තොටුපළ බලධාරීන් පවසන්නේ. ගුවන් ගමන්වලට සම්බන්ධ මගීන්ට සහ අනෙකුත් පාර්ශ්වයන්ට සිදුවූ අපහසුතාවය පිළිබඳව ඔවුන් වැඩිදුරටත් අවධානය යොමු කර තිබෙනවා.

Discussion & Feedback