ඇමරිකානු හමුදා පුවත්පතක් වන ‘ස්ටාර්ස් ඇන්ඩ් ස්ට්රයිප්ස්’ (Stars and Stripes) හි ප්‍රධාන කර්තෘ එරික් ස්ලැවින්ව හදිසියේම සේවයෙන් පහ කිරීම මේ දිනවල ලෝකයේම අවධානයට ලක්වෙලා තියෙනවා. පෙන්ටගනය විසින් ඔහුව සේවයෙන් පහ කරලා තියෙන්නේ ‘විනය විරෝධී ක්‍රියා’ කියන චෝදනාව යටතේ වුණත්, ඇත්තටම මේ පිටුපස තියෙන්නේ මාධ්‍ය වාරණය කිරීමේ උත්සාහයක් කියලා තමයි ස්ලැවින් පවසන්නේ. පුවත්පතේ ප්‍රකාශකයා සහ තවත් වාර්තාකාරිනියක් වන ලාරා කෝර්ටේ ද මේ ආකාරයෙන්ම සේවයෙන් පහ කිරීමට ලක්වීම විශේෂත්වයක්. පෙන්ටගනයෙන් අරමුදල් ලැබුණත්, ස්වාධීන ආයතනයක් විදිහට ක්‍රියාත්මක වුණු මේ පුවත්පතේ කටයුතුවලට බලපෑම් කිරීම බරපතළ ප්රජාතන්ත්රවාදී ගැටලුවක් බවයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ.
ස්ලැවින් පවසන විදිහට, පසුගිය කාලයේ පෙන්ටගනය මාධ්‍ය හමුවක් පවත්වා නැති අතර, හමුදාව සම්බන්ධ තොරතුරු වාර්තා කිරීමේදී නිලධාරීන්ගේ මැදිහත්වීම වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම ‘යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන්’ යුද නෞකාවේ සේවය කරන නාවිකයන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය සහ එහි පවතින අසීරු තත්ත්වයන් ගැන වාර්තා කිරීම නිසා මේ ගැටුම උග්‍ර වුණාද කියන සැකයත් මතුවෙලා තියෙනවා. ඇමරිකානු ජාතික මාධ්‍ය සමාජය පවා මේ සිදුවීම හෙළා දකිමින් පවසන්නේ, මෙය හමුදා කටයුතු පිළිබඳ වාර්තා කිරීම පාලනය කිරීමට පෙන්ටගනය දරන අසාර්ථක උත්සාහයක් බවයි. කෙසේ වෙතත්, මේ සිදුවීමත් සමඟ ඇමරිකානු රජය සහ මාධ්‍ය අතර පවතින අර්බුදය තවත් උත්සන්න වෙලා තියෙනවා.

Discussion & Feedback