ලෝක ප්‍රකට පොප් ගායිකා ලේඩි ගාගාගේ පෙම්වතා වන මයිකල් පොලන්ස්කි මේ දිනවල තාක්ෂණික ලෝකයේ වැඩිපුරම කතාබහට ලක්වන චරිතයක් බවට පත්වෙලා. ඔහු හාවඩ් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ දක්ෂ පරිගණක විද්‍යාඥයෙක් වගේම ‘Outer Biosciences’ නමැති නව්‍ය සමාගමේ නිර්මාතෘවරයායි. මයිකල් මේ වන විට ඉතාමත් සුවිශේෂී පර්යේෂණයක නිරත වෙනවා. ඒ තමයි මිනිස් සිරුරෙන් පිටත ජීව පටක මාසයකට වැඩි කාලයක් ජීවතුන් අතර තබා ගනිමින්, ඒවා ආශ්‍රිතව කෘත්‍රිම බුද්ධිය හෙවත් AI ආකෘතියක් පුහුණු කිරීම. මේ ව්‍යාපෘතිය ගැන මෙතෙක් ලෝකයට හෙළි කර තිබුණේ නැහැ.
මයිකල් පොලන්ස්කිගේ ජීවිතය ඇත්තටම හරිම අපූරුයි. එක පැත්තකින් ඔහු ලේඩි ගාගා සමඟ ලෝකයේ ප්‍රසිද්ධම තරු අතර ගැවසෙන අතරේ, අනෙක් පැත්තෙන් ඔහු විද්‍යාත්මක පර්යේෂණවල නිරත වෙනවා. ලේඩි ගාගාගේ සංගීත ප්‍රසංග සංචාර කළමනාකරණය කිරීමේ සිට ඇයගේ රූපලාවන්‍ය සන්නාමය වන ‘Haus Labs’ දක්වා සෑම දෙයකම මයිකල් ඇයට විශාල සහයෝගයක් ලබා දෙනවා. ඇත්තටම ඔවුන් දෙදෙනා වෘත්තීය සහ පෞද්ගලික ජීවිතය ඉතා සාර්ථකව සමබර කරගෙන යනවා.
මයිකල් සහ ලේඩි ගාගා මුලින්ම මුණගැසී තිබෙන්නේ 2019 වසරේදීයි. ඒ ගාගාගේ මවගේ මැදිහත් වීමෙන්. අද වන විට ඔවුන් දෙදෙනාගේ පවුල් පවා ඉතා සමීප මිතුරන් බවට පත්වෙලා. කෙසේ වෙතත්, මයිකල්ගේ මේ නවතම AI පර්යේෂණය ඉදිරියේදී වෛද්‍ය ක්ෂේත්රයේ විශාල පෙරළියක් සිදු කරනු ඇති බවයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ.

Discussion & Feedback