මේ දවස්වල ලෝකයේ ගොඩක් ජනප්‍රිය Oura ස්මාර්ට් රින්ග් එක සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. මේ මුදුව හරහා තමන්ගේ නින්දේ ගුණාත්මකභාවය සහ නින්දේ අවධීන් ඉතා නිවැරදිව මැනගන්න පුළුවන් කියලා සමාගම ප්‍රචාරය කළත්, ඇත්තටම ඒක බොරුවක් කියලා පාරිභෝගිකයන් චෝදනා කරනවා. ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර ක්ලාක්සන් නීති ආයතනය මගින් මේ සම්බන්ධයෙන් නඩුවක් ගොනු කරලා තියෙන්නේ, මේ මුදු මගින් ලබාදෙන දත්ත කිසිම විද්‍යාත්මක පදනමක් නැති, හුදෙක් AI තාක්ෂණයෙන් හිතලුවට හදන දත්ත විතරක්ම නිසයි.
ඇත්තටම නින්දේ අවධීන් මැනගන්න නම් රෝහල්වල තියෙන විශේෂ උපකරණ අවශ්‍ය වෙනවා. මොකද නින්ද කියන්නේ මොළයේ සිදුවන ක්‍රියාවලියක් මිසක් ඇඟිල්ලක තියෙන සංවේදකවලින් මනින්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි Oura සමාගම තමන්ගේ මුදු 95%ක්ම නිවැරදි බව පවසමින් පාරිභෝගිකයන්ව නොමඟ යවා තියෙනවා. මේ නිසා තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වැරදි තීරණ ගන්න බොහෝ දෙනෙකුට සිද්ධ වෙලා තියෙනවා කියලා නීතිඥයන් පෙන්වා දෙනවා. මේ වගේ මිල අධික උපකරණ විකුණලා මිනිස්සුන්ව රවට්ටන එක කිසිසේත්ම අනුමත කරන්න බැහැ.
දැන් මේ නඩුව හරහා ඉල්ලා සිටින්නේ, මේ වගේ අසත්‍ය ප්‍රචාර නවත්වන්න සහ මේ මුදු මිලදී ගත් පාරිභෝගිකයන්ට ඒ සඳහා ගෙවූ මුදල් නැවත ලබා දෙන්න කියලයි. ඇත්තටම තමන්ගේ සෞඛ්‍යය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න පාරිභෝගිකයන්ට මේ වගේ දේවල් නිසා ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. ඉදිරියේදී මේ නඩුවේ තීන්දුව මොන වගේ වෙයිද කියලා අපි බලමු.

Discussion & Feedback