ඇමරිකානු ධවල මන්දිරයේ නිල වෙබ් අඩවියේ පළ කර තිබුණු ‘Build the Wall’ නමැති වීඩියෝ ක්‍රීඩාව මේ වන විට ඉවත් කර තිබෙනවා. ලොව ප්‍රසිද්ධ ටෙට්‍රිස් (Tetris) ක්‍රීඩාවේ ආකෘතියට සමාන ලෙස නිර්මාණය කර තිබූ මෙම ක්‍රීඩාව, දේශසීමා බිත්තියක් ගොඩනඟමින් පිටස්තරයන් ඇතුළු වීම වැළැක්වීම අරමුණු කරගෙන තිබුණා. මෙය ජාතිවාදී අදහස් ප්‍රවර්ධනය කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වුණා. මෙම ක්‍රීඩාව තම සමාගමේ අවසරයකින් තොරව නිර්මාණය කර ඇති බවත්, එය බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් ටෙට්‍රිස් සමාගම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමඟ ධවල මන්දිරය මෙම පියවර ගෙන තිබෙනවා.
දැනට ධවල මන්දිර වෙබ් අඩවියේ අදාළ පිටුවට පිවිසෙන විට 404 දෝෂයක් පෙන්වන අතර, එම ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව තහවුරු වෙනවා. කෙසේ වෙතත්, සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම අරමුණු කරගත් ‘Rio Run’ නමැති තවත් මතභේදාත්මක ක්‍රීඩාවක් තවමත් එම වෙබ් අඩවියේ දැකගන්න පුළුවන්. මෙම සිදුවීම සම්බන්ධයෙන් ධවල මන්දිරයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් ලැබී නැහැ. කෙසේ වෙතත්, රජයේ වෙබ් අඩවියක් මෙවැනි ක්‍රීඩා සඳහා යොදා ගැනීම පිළිබඳව මේ වන විට ලොව පුරා විශාල කතාබහක් ඇති වෙලා තියෙනවා.

Discussion & Feedback